කොළඹට ජලය නෑ – සැපයුම අත්හිටුවන වේලාව මෙන්න

Spread the love

අනිද්දා (29) පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව අපට වාර්තා වන අතර ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශය මෙන්ම රත්මලාන ප‍්‍රදේශයද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත්. අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් මීට හේතුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.