නිදහස් කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාවට ආපු ඉන්දීය කණ්ඩායම නැවත තමන්ගේ රටට යන්නේ නිදහස් කුසලානය විතරක් නෙවෙයි ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හදවතත් දිනාගෙන.
තරඟාවලිය පුරාම ඉන්දීය කණ්ඩායම හැසිරුණ විදිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීනට ගොඩක් හිතට වදින්නට ඉන්දීය නායකයා ලෙස පැමිණි රෝහිත් ශර්මාගේ හැසිරීමද බොහෝ දුරට බලපෑම් කල අතර සාමනයයෙන් අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගරු කරන ඉන්දීය ක්‍රීඩකයෙකු වන ශර්මා නිදහස් කුසලානය දිනාගැනීමෙන් පසුව මුලින්ම කලේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පල කිරීම වීමද විශේෂ කරුණකි.
“මම මුලින්ම ස්තුති කරන්න ඕන අද අපිට සහය දක්වපු ප්‍රේක්ෂකයන්ට,මේ වගේ පීඩනයක් තියන තරඟයක ඒ වගේ සහයක් ලැබෙනවා කියන්නේ අපිට ලොකු හයියක්,සාමාන්‍යයෙන් මව් රටෙන් නැතුව මේ වගේ සහයක් ලැබෙන එක අපේ කණ්ඩායමේ ලොකු වාසනාවක්.අපි දැනගෙන හිටිය අපේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නැති වුනත් අපි ශක්තිමත් කියල,තරුණ ක්‍රීඩකයෝ හොඳටම කළා,ඇත්තටම මේ වගේ තරුණයෝ කණ්ඩායමේ හිටියම නායකයට පීඩනයක් නෑ.ගොඩක් ලේසියි එයාල මෙහෙයවන්න,මේ තරඟයේ ජයග්‍රහණයට කාර්තික් තමයි ලොකුම දේ කලේ,කාර්තික් කාලයක් තිස්සේ අපේ කණ්ඩායමට එනවා යනවා,අද පෙන්නුවා ඔහුට මොකද්ද පුළුවන් කියල,ඔහුගේ අත්දැකීම් එක්ක තරඟය අවසාන කරපු විදියනම් ඇත්තටම සුපිරියි.”
ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින් බංගලාදේශයේ අතේ තිබුන ජය උදුරා ගත් ඉනිම ක්‍රීඩා කල දිනේෂ් කාර්තික් තරඟයෙන් පසුව පවසා තිබුනේ මෙම ජයග්‍රහණය ගැන තමා බොහෝ සේ සතුටු වන බවය.
“ඇත්තටම ගොඩක් සතුටුයි මේ දේ කරන්න පුළුවන් වුන එකට,මුෂ්ෆිකර් පන්දු යවපු විදියට පහර දෙන්න ලේසි නෑ,මම උත්සාහ කලේ හැම පන්දුවටම තදින් පහර දෙන්න,හැම පන්දුවක්ම හතරේ සීමාවට යවන්න,ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ,මගේ උත්සාහය ගොඩක් දුරට සාර්ථක වුනා,ඇත්තටම ගොඩක් සතුටුයි.