අපි ජනතා මුදල් වලින් සාර්ථක ව්‍යාපෘති කරන ආණ්ඩුවක්….

අපි ජනතා මුදල් වලින් සාර්ථක ව්‍යාපෘති කරන ආණ්ඩුවක්….
Spread the love

“අපි ජනතා මුදල් වලින් සාර්ථක ව්‍යාපෘති කරන ආණ්ඩුවක්. ඉස්සර ඒ වගේ සාර්ථක ව්‍යාපෘති සිදුවුනේ නැහැ. විශාල ධන සම්භාරයක් ප්‍රචාරණයට වැය කරලා, ප්‍රශස්ති ගී කියල සුලු මුදලකින් ව්‍යාපෘතිය සිදුකලා.

මේ රජය රුපියල් 100 වැඩෙන් රුපියල් 99 ක් යොදවලා වැඩ කරලා ඒ ව්‍යාපෘතිය රුපියලක් විදයම් කරලා ප්‍රචාරණය කරන්නේ. නමුත් පසුගිය රජය එහෙම කලේ නෑ එයාලා කලේ රුපියල් 100 වියදම් වෙන වැඩේට රුපියල් 99 ක් දීලා ප්‍රචාරණය කරලා රුපියලක් විදයම් කරලා ව්‍යාපෘතිය කරනවා. මත්තල ගුවන්තොටුපල වගේ ව්‍යාපෘති වලට ඇත්තටම කියන්න ඕන සුදු අලියෙක් කියල විතරයි. ඩොලර් මිලියන ගණන් ජනතා මුදල් නාස්ති කරල ඊටත් වඩා ලොකු පිරිවැයක් ප්‍රචාරණයට යොදවලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබුනෙ නෑ.

ඒ නිසා අපි කියන්නෙ මේ යහපාලන රජය කවදාවත් ජනතා මුදල් නාස්ති කරන ව්‍යාපෘති සිදුකරල නැහැ. යහපාලන රජය කරන ව්‍යාපෘති අද රටේ ජනතාව අතරට නොයන්නෙ ප්‍රචාරණ වියදම් අවම නිසා. රටට වැඩක් වෙනවා නම් ඇති. කලේ කවුද කියල ජනතාව පසුවට දැනගනීවි. ජනතාවගේ සල්ලි වලින්ම ජනතාවට ප්‍රචාරණය කරල පෙන්වන්න තරම් අපි ජනතා මුදල් නාස්ති කරන්නෙ නෑ.”

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දිනකදී මාධ්‍ය අමතමින් මෙසේ කියා සිටින ලදී.