අප ඒ පිළිබඳ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාගෙන් අදහස් විමසා සිටියා.
අල් ජසීරා නාලිකාව මුදා හල මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ රොබින් මොරිස් නම් බුකී කරුවා සමග තරග පාවාදීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සිදු කෙරෙන සංවාදයක් දැක්වෙනවා.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියක් අතරතුරයි එම සංවාදය සිදුව ඇත්තේ. අල් ජසීරා නාලිකාව මුදාහළ මෙම වීඩියෝව පිළිබඳ ජීවන්ත කුලතුංග අප වෙත දැක්වූයේ මෙවන් අදහසක්.
“ඔය කියන කිසිම දෙයක් එතන වුණේ නෑ. ඔය නාලිකාවේ ජනප්‍රියත්වය ගන්න කරපු වැඩක් මේක. අපිට එන්න කියලා එකක් කියලා.. දැන් පෙන්වන්නේ තව එකක්. තරග පාවාදීම් ගැන කිසිම දෙයක් අපිට කතා කලේ නෑ. ඔය වීඩියෝවේ අගක් මුලක් නෑ. මේගොල්ලන්ගේ අවශ්‍යතාව මොකක්ද කියලා හොයන්න ඕනේ.”
මෙම වීඩියෝවේ බුකී කරුවන් සමග සංවාදයට එක්වන දිල්හාර ලොකුහෙට්ටිගේද ඔස්ටේ‍්‍රලියාවේ සිට ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූවා.
එහිදී “ජීවන්තට කෝල් එකක් ආවා.. යාළුවෙක් හම්බවෙන්න යනවා කිව්වා.. එයා එක්ක මමත් ගියා. මොකද මට ජීවන්තලාගේ ගෙදර තනියෙන් ඉන්න බැරි නිසා… 2016 දී මම ක්‍රිකට්වලින් ඉවත් වුණා. අනික මම කොහොමද ආයෙත් ක්‍රිකට් ගහන්නේ. මගේ කකුල කැඩුනට පස්සේ.” යනුවෙන් සඳහන් කළා.
මෙම වීඩියෝව සහ තමන්ට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට තමන් සූදානම් බවයි ජිවන්ත කුලතුංග ප‍්‍රකාශ කළේ.

