නොසිතූ මොහොතක නොසිතූ ලෙසින් ස්වභාවික ආපාදාවන්ට ලක්ව විපතට පත් අපේම සහෝදර පුරවැසියන්ගේ ජීවිත යථාවත් කරනු පිණිස උතුරුකරයේ සිට දකුණුකරය දක්වා අපේම සහෝදර ජනතාවගේ සහෝදරාත්මක දායකත්වයෙන් “පුරවැසි අත්වැල” සහෝදරත්වයේ දුම්රිය ජූනි මස 10 වන සෙනසුරාදා පෙ.ව 6 කණිසමට කණ්කසන්තුරෙයි දුම්රිය ස්ථානයෙන් මේ වනවිට ගමන් ආරම්භ වී ඇත.
ගංවතුරෙන් සෝදාපාලු කරන ලද අපේම සහෝදර ජනතාවගේ ජීවිතය යළි ප්‍රාණවත් කිරීම සඳහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිදුකරන මෙම දැවැන්ත ක්‍රියාන්විතය සඳහා ඔබටද හැකි පමණින් දායක විය හැක. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ උපකරණ පහත සඳහන් දුම් රිය ස්ථානවලට ඔබට ජුනි මස 10 වනදා හෝ ඊට පෙර ගෙනැවිත් භාර දිය හැක.
දුම්රිය ස්ථාන:
කන්කසන්තුරේ, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුර , තඹුත්තේගම, මහව, ගනේවත්ත, කුරුණෑගල , පොල්ගහවෙල , අලව්ව, අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගණේමුල්ල, ගම්පහ, හුණුපිටිය කැලණිය, දෙමටගොඩ,මරදාන, රාගම, කොටුව, ගල්කිස්ස , මොරටුව , පානදුර
අවශ්‍ය ද්‍රව්‍ය:
පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු, පාසල් යන වයසේ ළමුන් සඳහා ඇඳුම්, වැඩිහිටියන් සඳහා ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මදුරු දැල්, කුස්සි උපකරණ, වියලි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ උපකරණ, ඩෙටෝල්, හාපික් විෂබීජ නාශක සහ සබන් වර්ග, කාන්තා සනීපාරක්ෂක තුවා, පුස්තකාල සඳහා කියවීම් පොත්
මෙකී සත්කාර්යයට අමතරව සහෝදරත්වයේ දුම්රියෙන් පැමිණෙන සහෘදයින්ගේ අත්වැලින් මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක ජාතික පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ජූනි මස 11 වන දින උදෑසන 7 සිට දවස පුරා සිදු සිදුකිරීමට ‘පුරවැසි අත්වැල’ සංවිධානය සැලසුම් කොට ඇත. එසේම එම විදුහලේදී පාසැල් සිසුන් ඇතුළු ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්, උපදේශන සේවයක් සහ ළමුන් වෙනුවෙන් වූ විශේෂ අධ්‍යාපන වැඩසටහනක් ඇතුළු දැවැන්ත වැඩසටහන් මාලාවක් සිදුකිරීමට නියමිතය.
පුරවැසි අත්වැල යටතේ ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරය සඳහා ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, එයාටෙල් පුද්ගලික සමාගම, පීපල්ස් ලීසින් පුද්ගලික සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එච් ත්‍රී පදනම ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පුද්ගලික සමාගම් රැසක් තම අනුග්‍රහය සහ දායකත්වය සපයයි.
[rns_reactions]