ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක චමින්ද වාස් විසින් මීට වසර 16 කට පෙර පිහිටවා තිබු හොඳම පන්දු යැවීමේ වාර්තාව ඇෆ්ගන් පා දඟ පන්දු යවන ක්රීඩක රෂීඩ් ඛාන්ට බිද දැමීමේ අවසථාව ඊයේ කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟයේදී එක ලකුණකින් සහ එක කඩුල්ලකින් මඟ හැරී ගියේය.
වාස් ලකුණු 17 කට කඩුලු 8 ක් බිඳ දමා තිබු අතර රෂීඩ් ඊයේ ලකුණු 18 කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.
එක්දින හොඳම පන්දු යැවීමේ වාර්තා..
T20 තරඟාවලිය 3-0 ලෙස සමත්ප වූ අතර රාජය වීමෙන් පසුව එක්දින තරඟාවලියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කොදෙව් කණ්ඩායම කණ්ඩායම පළමු එක්දින තරඟයේදීම පරාජයට පත් කිරීමට සමත් වුනේ ලකුණු 63 කිනි.
ඇෆ්ගනිස්ථානය තම පන්දුවාර 50 තුල ලකුණු 212 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූ අතර ආරම්භක පිතිකරු ජාවෙඩ් අහමඩි ලකුණු 82 ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 213 ක ජයග්රාහී ඉලක්කය හඹා යාමට පිටියට පැමිණි කොදෙව් පිතිකරුවන්ට සාර්ථක වීමේ අවසථාවක් ලබා නොදුන් ඇෆ්ගන් පන්දු යවන්නන් කොදෙව් පිතිකරුවන් දවා ගත්තේ ලකුණු 149 ක් තුළදීය.සුපිරි පන්දු යැවීමක් නිරත වූ රෂීඩ් ඛාන් කොදෙව් කඩුලු 7ක් දවාගැනීමට සමත් වුනේ ලකුණු 18ක් තුළදීය.
[rns_reactions]