හතුරුසිංහගේ පැමිණීමෙන් පුරප්පාඩු වුණු බංග්ලාදේශ පුහුණුකරු ධුරයට කළ ඇරයුම එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු පෝල් ෆ්‍රාබේස් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද පෝල් ෆ්‍රාබේස් කටයුතු කර තිබෙනවා.
2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේයි.
කෙසේ වෙතත් පෝල් ෆ්‍රාබේස් පුහුණුකරු ධුරය සඳහා එක්කර ගැනීම බංග්ලාදේශය තවමත් අතහැර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.