අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…

අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…
Spread the love

අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්‍රියාත්මක වූ බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිලිබදව  සෙවීමට පරික්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දෙමළ රූපවාහිනී නාලිකාවක් සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පැවසිය.

එම සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – වාර්ගිකත්වය පදනම් කර ගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් දැනට පවතින අණපනත් වලට අනුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් රජය ජාතිවාදයට සහ ආගම් වාදයට විරුද්ධයි. 

රජය ජාතිවාය හා ආගම්වාදය පතුරන අයට විරුද්ධව ක්‍රියාකිරීමට නීති රීති ඉදිරිපත් කළා. එම නීති ක්‍රියාත්මක කළ යුතුයි. ලබාදි ඇති සාමය භුක්තිවිදීමට නොදන්න අයට දඩුවම් ලබා දිය යුතුයි.

අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධනේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.

පොලීසිය මන්දගාමිව කටයුතු කිරිම පිළිබදව ප්‍රශ්න තිබෙනවා.

මෙය අමූලික බොරු සිද්ධියක්.

වදපෙති කියා ඖෂධයක් ශ්‍රී ලංකාවේ පවතින වෛද්‍ය ක්ෂේත්‍රයේ නැහැ.

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය වැඩි දියුණු වී තිබුන ද මෙවැනි කරුණු පිළිබදව ඇත්තේ මන්ද බුද්ධික බවකි.

සුළු සිද්ධියක් මුල්කර ගෙන රටවල් ගිනි තැබීමට හදනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම ජනපතිගෙන්  ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයා මට පොරොන්දු වුනා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියලා.

පසුගිය රජයේ ප්‍රධානියෙකුගේ චෝදනා ලැබූ පුද්ගලයෙකු සිද්ධිය සිදු වූ දින කිහිපය පුරා අම්පාර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමග සුහද හමු පැවැත්වීමේ සිද්ධි කිහිපයක තොරතුරු ද වාර්තා වි තිබෙනවා.

වද පෙත්ත මුවාවෙන් එම පුද්ගලයා ජාතිවාදය පැතිරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක කර ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා.

කෙසේ වෙතත් ලබා දී ඇති නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඇතැම් අය පෙළඹී සිටිනවා.

බණ්ඩාරනායක මහතා ද නිදහස ලබාදුන් පසු ඇතැම් අය කථානායක පුටුවෙත් වාඩිවෙන්න උත්සාහ කළා.

ලැබූ නිදහසින් බණ්ඩාරනායක මහතා ද ඝාතනය කෙරුනා.