යහපාලන රජයේ අමාත්‍යංශ යලිත් තමා හට ලබාදීම මගින් යහපාලන රජය පවත්වාගෙන යාමට අගමැති රනිල් බලාපොරොත්තුවන්නේ නම් එය හුදෙක් සිහිනයක් පමණක් වනු ඇති බව ශ්‍රීලනිප ආරංචිමාර්ග තහවුරු කර ඇත. අගමැති රනිල් ඉවත්විය යුතුය යන තීරණයේ ජනාධිපතිවරයා දැඩිව සිටින අතර එම තීරණය වෙනස් කිරීම සදහා එජාපය දැවැන්ත උත්සාහය නිරතවෙමින් සිටියද මේ වනවිට එම ප්‍රයත්නය අසාර්ථක වී ඇත…
මේ අතරවාරයේ නිතිය හා සාමය වැනි මුදල් වැනි අමාත්‍යංශ යලිත් ජනාධිපතිවරයා වෙත පවරා දෙමින් ජනාධිපතිවරයා සහ රනිල් අතර සාමකාමී වටපිටාවක් ගොඩනැගීමට එජාපය උත්සහ කලද ජනාධිපති මෛත්‍රී දැඩිව අවධාරණය කර ඇත්තේ රනිල්ව ඉවත්කර වෙනත් නායකයෙක් සමගින් ආණ්ඩු නිර්මාණය කිරීමේ සාකච්චා වලට පැමිණෙන ලෙසය…
මේ අතර මේ වනවිට සුසිල් සහ දිනේෂ් නායකත්වය ගෙන ඒකාබද්ධය සහ ශ්‍රීලනිපය සමගි කිරීමේ සාකච්චාද සැලකිය යුතු මට්ටමේ සාර්ථකත්වයක් ලබාතිබීම එජාපයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර කෙසේ හෝ මෙම සාකච්චා අඩාල කිරීමට එජාපය උත්සහදරුවද ඒ සියල්ල පරාජය දිනේෂ් හා සුසිල් සුසංයෝගය සමත්කම් දක්වා ඇත.

