අයවැයත් සමඟ රවී යෝධ පෙරළියකට සැරසෙයි

අයවැයත් සමඟ රවී යෝධ පෙරළියකට සැරසෙයි
Spread the love

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවෙන් පසු පක්ෂය හා පක්ෂ නායකයා බේරීම වෙනුවෙන් ඇමතිධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා දේශපාලනිකව පිම්මකට සැරසෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබෙයි. ඔහු මේ තීරණය ගන්නට සැරසෙන්නේ 2019 වසරට අය-වැය ඉදිරිපත් කිරීමත් සමඟ ය.

 කොළඹ නගර සභාවේ ද තීරක බලය ඇත්තේ රවී කරුණානායක අත වීමත්, එය එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ඍජු ආශීර්වාදය ලබමින් සිටින රෝසි සේනානායක වෙත හිමි වීමත් මෙහිදී සැලකිල්ලට ලක්වී ඇති බව ද දැනගන්නට තිබේ.

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස තවමත් කටයුතු කරන අතර, උතුරු කොළඹ ආසන බල ප්‍රදේශයේ සංවිධායකවරයා ද වෙයි. එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයේ දී ඔහුට කතාවක් වෙන් වන්නේ ද කොළඹ දිස්ත්‍රික් නායකත්වය දැරීම හේතුවෙනි. එමෙන් ම පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ට සියලු කොට්ඨාස ජයග්‍රහණය කරදුන් ආසන සංවිධායකවරයා වන්නේ ද රවී කරුණානායක මහතා ය.