අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කිසිදු විදේශ රටක සැගවී නැති බවත් ඔහු සැගවී සිටින්නේ අරලියගහ මන්දිරය ඇතුලේම බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාව භංග යෝජනාවට පක්‍ෂව එක්කෙනෙකු දෙන්නෙකු හැර ශ‍්‍රීලනිපයේ සියළු දෙනා ඡන්දය ලබා දෙන බවත් අගමැතිවරයා ගෙදර යවන තුරු සටන අත් නොහරින බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමකුත් මෙම යෝජනාව සදහා සහයෝගය පල කිරීමට එකග වී සිටින බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

