අර්ජුන් මහේන්ද්‍රන් හමුවන්න අරමුණ තියාගෙන තව වැඩ රැසකට අගමැති රනිල් සිංගප්පූරු යයි..

අර්ජුන් මහේන්ද්‍රන් හමුවන්න අරමුණ තියාගෙන තව වැඩ රැසකට අගමැති රනිල් සිංගප්පූරු යයි..
Spread the love

කොළඹ කොටස් වෙළඳපොල සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා”සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (01) සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව ඇත. විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කලේ මෙහිදී රනිල් අර්ජුන් මහේන්ද්‍රන්වද මුණගැසීමේ සුදානමක් ඇති බවයි..

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.

මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.

2018 වසරේ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමටද මෙම සමුළුව ඉවහල් වනු ඇත.

සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊස්වරන්, ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම සමුළුවට සහභාගී වෙති.