ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කේ මහානාම, හිටපු ඉඩම් ලේකම් පියදාස දිසානායක අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදීය.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය,
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවක් සඳහා සම්බන්ධ සිද්ධියකදි ගරු ජනාධිපතිවරයාගේ අත්සන ලබා දීම සඳහා රුපියල් කෝටි 56ක පමණ මුදලක් මොහු ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.
ඒ විදෙස් ජාතික ආයෝජකයන් පිරිසකගෙන්ය.
එහිදී රුපියල් කෝටි 56ක මුදල කෝටි 10 දක්වා අඩු කර ගැනීමට මොහු කැමති වී ඇති අතර එම කෝටි 10න් කෝටි දෙකක මුදලක් මෙලෙසින් කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදී අල්ලස් වශයෙන් ලබා ගනිද්දී කොටු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැටලීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා දැනුවත් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා අදාල අංශ වලට උපදෙස් දී ඇත්තේ නීතිය කාටත් පොදු බවත් වහාම නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසටයි.
ඒ අනුව අද දහවල් එම කෝටි 10න් කෝටි දෙකක මුදලක් මෙලෙසින් කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදී අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද දහවල් අත්අඩංගුවට ඇති බව සඳහන්.

