‘අලුත්ම කාමුක තරුවට’ ගෘහස්ත හිංසන චෝදනා

‘අලුත්ම කාමුක තරුවට’ ගෘහස්ත හිංසන චෝදනා
Spread the love

ස්ටීවන් ස්පිල්බර්ග් කියන්නේ අපි කවුරුත් දන්න කීර්තිමත් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ජුරාසික් ප‍්‍රාග්’ අපට මතක හිටින ඔහුගේ නිර්මාණයක්. මේ කතාව ස්ටීවන්ගේ චිත‍්‍රපට ගැන නෙමෙයි ඔහුගේ දියණියගේ ‘කෙරුවාවක්’ ගැන.

ස්ටීවන් විසින් දරුකමට හදා ගත් දියණිය තමයි ‘මයිකෙලාMikaela Spielberg, කියන්නේ. ඇය රූමතියක් වගේම ‘සරාගි’ තැනැත්තියක්.

කොහොම වුණත් තාත්තා චිත‍්‍රපට කරන කොට මයිකෙලා කැමැති වුණේ රඟපෑමට. ඒත් තාත්තගේ චිත‍්‍රපටවල නෙවෙයි. ඇමෙරිකාවේ අති දැවැන්ත කර්මාන්තයක් වන ‘අසභ්‍ය චිත‍්‍රපටවල’ ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව ඇය මේ වන විට අසභ්‍ය චිත‍්‍රපට කිහිපයක රඟපාලා තිබෙනවා.

මේ අතර පසුගිය දා ඇය තමා අසභ්‍ය චිත‍්‍රපටවල පමණක් රඟපාන බව නිල වශයෙන් නිවේදනය කළා.

ඒත් අපි කතා කරන පුවත ඇති වුණේ ඇයගේ මේ ප‍්‍රකාශයෙන් සති දෙකක් ගත වන විට. කතාව තමයි මයිකෙලා පොලිස් අත්අඩංගුවට පත්වීම. මේ සඳහා හේතුව වශයෙන් දක්වා ඇත්තේ ‘ගෘහස්ථ හිංසනය’ යටතේයි. ඇය තමාගේ පෙම්වතා වන 50 හැවිදිරි ‘චක් පැන්කෝච්’ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

කොහොම වුණත් පොලිස් අත්අඩංගුවට පත් වුණ මයිකෙලාව ඩොලර් 1000ක ඇපයක් තියලා ‘එළියට’ අරන් තියෙනවා. ඒත් ඒ කවුද කියලා දන්න කෙනෙක් නැහැ.