අවතැන්වූ ජනතාව සොයා ජනපති නියමයෙන් දියණිය චතුරිකා අවරගිරියට! (PHOTOS)

Spread the love

අයහපත් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක මුලික කොටගෙන ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වූ අතර විශාල ප්‍රමාණයක් ජීවිතද මේ වනවිට හානි වී අවසන්ය. ඒ සියල්ලටම මුහුණ පෑවේ අපේ රටේ අපේම සහෝදර ජනතාවයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ඊයේ දින රත්නපුර අයගම ප්‍රදේශයේ දවරගිරිය රජමහා විහාරයේ සිටින අවතැන් ජනතාව හමුවීමට ගිය අතර ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණද පරිත්‍යාග කරනු ලැබුවාය.

විශේෂයෙන් මෙහිදී වෛද්‍ය උපදෙස් අවශ්‍ය ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමද සිදු කෙරුනා. මෙහිදී ප්‍රදේශවාසීන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු කිහිපයක් චතුරිකා සිරිසේන මහත්මියට පවසා එම ගැටලු කෙරෙහි ගරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට මෙවැනි ස්වභාවික විපත් වලට ප්‍රදේශයේ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇතැයිද ගත වූ අවුරුදු කිහිපය තුළම කිසිඳු බලධාරියෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකල බවත් සඳහන් කරනු ලැබුවා. එහිදී ආපදාවට පත් ජනතාවට චතුරිකා සිරිසේන මහත්මිය කියා සිටියේ ජතාවගේ නිවාස නැවත සකස් කිරීමට ජනාධිපතිතුමන්ද දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඊයේ දින රත්නපුර අයගම ප්‍රදේශයේ දවරගිරිය රජමහා විහාරයේ සිටින අවතැන් ජනතාව හමුවී ඔවුන්ට ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණද …

Posted by Chathurika Sirisena on Thursday, June 1, 2017