සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද (26) මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ සමග එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දිය කොදෙව් නායකයා පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 08කට ලකුණු 345ක් වාර්තා කළා.
ලකුණු 346ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 39.1කදී සියලු දෙනාම දැවී ගිය අතර ඔවුන්ට රැුස්කර ගත හැකි වුණේ ලකුණු 184ක් පමණයි.
ශ‍්‍රී ලංකා ඉනිම

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප‍්‍රනාන්දුට පළමු කඩුල්ල වෙනුවෙන් පවත්වා ගත හැකි වුණේ ලකුණු 09ක කෙටි සම්බන්ධතාවක් පමණයි. මුළු ලකුණු සංඛ්‍යාව 09දී එක් ලකුණක් ලබා සිටි දිමුත් කරුණාරත්න දැවී ගියා.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ද මුළු ලකුණු සංඛ්‍යාව 09දීම දැවී ගිය අතර ඊට ගොදුරු වුණේ කුසල් පෙරේරායි. ඔහු ලකුණු නොලබාම දැවීගියා.
සිවුවන පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප‍්‍රනාන්දු 03 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 239ක සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට සමත් වීම සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවුණා.
තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 119ක් ලබාසිටි කුසල් මෙන්ඩිස් දැවී ගිය අතර ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 248ක්ව තිබුණා.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිවුවන කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 271 දී බිද වැටුණු අතර ඊට ගොදුරු වුණේ ලකුණු 127ක් ලබා සිටි අවිශ්ක ප‍්‍රනාන්දුයි. ඔහු තම ලකුණු 127ට 4 පහර 10ක් එල්ල කර තිබුණා.
යළිත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිද දමමින් 5 වැනි කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 274දී බිද වැටුණු අතර එහිදී ඇන්ජිලෝ මැතිව්ස් එක් ලකුණකට දැවී ගියා.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 06 වැනි කඩුල්ල 303දීත් 7 වැනි කඩුල්ල 316දීත් බිද වැටුණු අතර 08 වැනි කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 345දී බිද වැටුණා.
ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවෙන් දස්කම් පෑ Sheldon Cottrell කඩුළු 04ක් සහ Alzarri Joseph 03ක් දවා ගත්තා.
බටහිරි ඉන්දිය කොදෙව්

ශ‍්‍රී ලංකාව ලබා දුන් ලකුණු 346ක ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ සාර්ථක වුණේ ආරම්භක පිතිකරු Shai Hope පමණයි. ඔහු පන්දු 65කදී ලකුණු 51ක් ලබා ගත්තා.
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව අගනා පන්දු යැවීමක නිරත වූ වසිදු හසරංග ලකුණු 30කට කඩුළු 03ක් ද, ලක්ෂාන් සදකැන් ලකුණු 57ට කඩුළු 03ක් ද ලබා ගත් අතර නුවන් ප‍්‍රදීප් කඩුළු 02ක් සහ ඇන්ජිලෝ මැතිව්ස් එක් කඩුල්ලක් ලබා ගත්තා.

