ලෝකේම ඩිජිටල් වෙන කාලේ ඔන්න අලුත් අවුරුදු ලිතත් දැන් ඩිජිටල් වෙලා. අවුරුදු සිරිතට එන නැකත් ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව අකුරටම සටහන් වෙලා තියෙන මේ ඩිජිටල් ඇප් එකට කියන්නෙ ‘අවුරුදු සොබා ලිත’ කියලයි.
ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටම ගලපෙන්නයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.
මේ ඩිජිටල් ලිතේ තියෙන වැදගත්ම දෙයක් තමයි එහෙම මගඇරෙන්නේ නැති විදියට නැකතෙන් නැකතට වෙලාව මතක් කරන එක. එක නැකතක් ඉවර වුන ගමන් අනිත් නැකතට තියෙන කාලය කවුන්ට්ඩවුන් එකක් විදියට මතක් කරනවා.
ඒ වගේම පුරුද්දට නැකත් පිලිපැද්දත් ඒ නැකත් වල ඇත්ත තේරුම ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඒ හින්දම මේ ඩිජිටල් අවුරුදු සොබා ලිතේ හැම නකතෙම තේරුම, වටිනාකම වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. මේක අද කාලේ අයට අපේ පරණ සම්ප්‍රදායික වටිනාකම් ගැන ඉගෙන ගන්නත් හොඳ අත්වැලක් වෙයි.
අවුරුද්දෙන් අවුරුද්දට මේ ඩිජිටල් ලිත ඉබේටම අප්ලෝඩ් වෙනවා.
https://play.google.com/store/apps/details?id=com.wad.neketh_app
[rns_reactions]