වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම ඇතුළු කාර්යභාරයන් දහයක් තමන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බවට අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම, චක්‍රලේඛ නිකුත් කිරීම, පාසල් ගොඩනැගිලි හා අදාළ වෙනත් අධ්‍යාපනික උපකරණ ලබාදීම සඳහා එලෙස පූර්ණ අනුමැතිය ලබාගත යුතු වනවා..
එමෙන්ම පාසල්වල තාක්‍ෂණික විද්‍යාපීඨ පිහිටුවීම හා අදාළ කාර්යයන්, අධ්‍යාපනයට සම්බන්ධ විවිධ ගිවිසුම් අත්සන් කිරීම් සහ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලට අදාළ සියලු කටයුතු සඳහා ඇමැතිවරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වනවා..
අමාත්‍යංශයේ ප්‍රතිපත්තීන්ට අනුකූල නොවන ලෙස කටයුතු සිදුවන බව සඳහන් කරමින් ඇමැතිවරයා මෙම ලිපිය නිකුත් කර තිබෙන බව සදහන්.
[rns_reactions]

