අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6 ක් හඹා ගොස් ජය ලබති

අවුරුදු 23 න්  පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6 ක් හඹා ගොස් ජය ලබති
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (16 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේදී පැවැති තරග වලදී තරග 6 ක් දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ.

සමස්ථ දිනයේ පැවැති තරග අතුරින් සී.සී.සී., හලාවත මේරියන්ස්, ටැමිල් යුනියන්, බදුරලිය, එස්. එස්. සී. සහ මුවර්ස් කණ්ඩායම් එසේ දෙවැනියට පන්දුවට පහර දෙමින් ජයග්‍රහණ වාර්තා කළ කණ්ඩායම් බවට පත්වූහ.

මෙවර තරග වාරය ආරම්භ කරමින් පළමු ජයග්‍රහණය සී. සී. සී. පිල වාර්තා කරන ලද්දේ ජයග්‍රාහී ලකුණු 98 ක ඉලක්කය 14 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීම සපුරා ගනිමිනි. ඒ වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැළුණු මලිඳු මදුරංග වේගවත් ලකුණු 55 ක් රැස් කරමින් පිතිකරණයෙන් කැපී පෙනුණි. එහෙත් බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 100 කටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවක නතර කර දැමීම සම්බන්ධව පූර්ණ ගෞරව පන්දු යවන්නන් සතු වන අතර එහිදී අම්ෂි ද සිල්වා කැපී පෙනුණි. ඔහු ලකුණු 12 ක් ඇතුළත ප්‍රතිවාදී පිලේ කඩුලු 5 ක් දවා ගනිමින් බ්ලූම්ෆීල්ඩ් පිල අසීරුතාවයට ඇද දැම්මේය. 

පැවැති තරග වලදී කණ්ඩායම් 5 ක් පමණක් ලකුණු 200 සීමාව ඉක්මවමින් පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු නමුත් සෙසු බහුතරය පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් නිමාවට පත්විය. අද දිනයේ පැවැති තරග වලදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් අතරින් පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට සමත්වූයේ කුරුණෑගල තරුණ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම් පමණක් වන අතර ලකුණු 300 සීමාව ඉක්මවා ගිය යුද හමුදා කණ්ඩායම පවා පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට අපොහොසත් වීම කැපී පෙනෙයි.

අද පැවැති තරග අතරින් තියුණුම මුහුණු වරක් ගනු නැබුවේ පොලිස් සහ නාවික හමුදා අතර තරගය වන අතර එහිදී පොලිසිය හමුවේ නාවික හමුදා පිල එක් ලකුණක පරාජයක් අත්වින්දේය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පොලිස් පිල ලකුණු 225 ක් ලබා ගත් නමුත් එය හඹා ගිය නාවික හමුදා පිලට නියමිත පන්දුවාර 50 දී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 224 ක් පමණි. 

බ්ලූම්ෆීල්ඩ් – සී.සී.සී.

සී.සී.සී.ට කඩුලු 8 ක ජයක්

බ්ලූම්ෆිල්ඩ් පන්දුවාර 41.1 කදී ලකුණු 97 යි – (විංජුල රන්පුල් 35, නඳුන් හෙට්ටිආරච්චි 19, මිශේන් සිල්වා 10, අම්ෂි ද සිල්වා 12/5, පවන් රත්නායක 10/2, වනිඳු හසරංග 17/2)

සී.සී.සී. පන්දුවාර 13.1 කදී කඩුලු 2 ට ලකුණු 98 යි – (මලිඳු මදුරංග 55, සොනාල් දිනූෂ 27*, පවන් රත්නායක 12*)

පානදුර – හලාවත මේරියන්ස් 

හලාවත මේරියන්ස් පිලට කඩුලු 6 ක ජයක්

පානදුර පන්දුවාර 31.5 කදී ලකුණු 122 යි – (නිපුන් දේශාන් 21, පසිඳු පැතුම් 16, රෂාන් කවිෂ්ක 19, දසුන් සෙනෙවිරත්න 29/3, චාරුඛ තරිඳු 24/3, කමිඳු මෙන්ඩිස් 31/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 24.3 කදී කඩුලු 4 ට ලකුණු 125 යි – (කමිඳු මෙන්ඩිස් 66*, රිසිර වීරසූරිය 22, ලසිත් කෲස්පුල්ලේ 13, පසිඳු පැතුම් 14/3)

ගාල්ල – ටැමිල් යුනියන් 

ටැමිල් යුනියන් ට කඩුලු 4 ක ජයක්

ගාල්ල පන්දුවාර 47.4 කදී ලකුණු 160 යි – (විනුර දුල්සර 50, ශක්‍ය සම්පත් 18, රවිෂ්ක විජේසිරි 33, මිරංග වික්‍රමගේ 28/2, දේශාන් ප්‍රනාන්දු 16/2, සචිඳු කොළඹගේ 31/2, කවිඳු පතිරත්න 31/2)

ටැමිල් යුනියන් පන්දුවාර 27.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 165 යි – (නවෝද් පරණවිතාන 55, කමේෂ් නිර්මාල් 37, රවිඳු ප්‍රනාන්දු 33*, තනුල චමෝද් 21/2, කුෂාන් මදූෂ 39/2)

බදුරලිය  – බී.ආර්.සී. 

බදුරලියට කඩුලු 4 ක ජයක්

බදුරලිය පන්දුවාර 46.3 කදී ලකුණු 162 යි – (නිසල් ෆ්‍රැන්සිස්කෝ 41, හිරන්ත ජයසිංහ 42, යසිත් රණසිංහ  18, නෙරංජන වන්නිආරච්චි 18, තමිඳු වික්‍රමආරච්චි 11/4, අවිෂ්ක ලක්ෂාන් 29/3, මලින්ද ජයෝද් 25/2)

බදුරලිය පන්දුවාර 37.1 කදී කඩුලු 6 ට ලකුණු 166 යි – (මලින්ද ජයෝද් 86, රනේෂ් සිල්වා 23*, ෂෙරන් ෆොන්සේකා 16, මලින්ද අබිෂේක් 40/3)

කරුණෑගල තරුණ  – එස්.එස්.සී.

එස්.එස්.සී. ට කඩුලු 7 ක ජයක්

කුරුණෑගල තරුණ පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 170 යි – (අසිත වන්නිනායක 25, කේෂාන් වන්නිආරච්චි 24, කවීන් බණ්ඩාර 24*, රන්ධීර රණසිංහ 20, සංජීව ප්‍රියදර්ශන 24*, චමිඳු වික්‍රමසිංහ 11/2, කවිඳු නදීෂාන් 37/2)

එස්.එස්.සී. පන්දුවාර 37.2 කදී කඩුලු 3 ට ලකුණු 173 යි – (නිපුන් ධනංජය 77, ශම්මු අශාන් 72*)

කෝල්ට්ස් – මුවර්ස් 

මුවර්ස් පිලට කඩුලු 4 ක ජයක් 

කෝල්ට්ස් පන්දුවාර 36.1 කදී සියලු දෙනා දැවී ලකුණු 151 යි – (පසිඳු සූරියබණ්ඩාර 39, කවිෂ්ක අංජුල 25, මොහොමඩ් ශමාස් 15, තිලාන් ලොරෙන්සෝ 13, නිපුන් මාලිංග 26/3, ඩිල්ෂාන් මදුශංක 26/2, රොහාන් සංජය 20/2)

 මුවර්ස් පන්දුවාර 36.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 154 යි – (සංතුෂ් ගුණතිලක 58, ජෙහාන් ඩැනියෙල් 31, අවිෂ්ක ප්‍රනාන්දු 22, කවිෂ්ක අංජුල 41/2)

මීගමුව – ගුවන් හමුදාව

මීගමුවට ලකුණු 68 ක ජයක් 

මීගමුව පන්දුවාර 48.2 කදී ලකුණු 202 යි – (දිමුත් සඳරුවන් 35, භානුක මනෝහර 25, අභිෂේක් ආනන්දකුමාර් 19, ෂෙහාන් ප්‍රනාන්දු 32, නිශාන් පීරිස් 17, කවිඳු නිර්මාණ 30, හරීන් වීරසිංහ 13*, රවිඳු සම්බකුට්ටිගේ 41/3, නුස්කි අහමඩ් 42/2, කසුන් ඒකනායක 23/2)

ගුවන් හමුදාව පන්දුවාර 40.2 කදී ලකුණු 134 යි – (චාමිකර හේවගේ 25, රවිඳු සම්බකුට්ටිගේ 23, දිනිත සිරිවර්ධන 18, ශබික් ඉෆතරි 16, මොවින් සුබසිංහ 17, නිශාන් පීරිස් 17/3, චමත් වික්‍රමසිංහ 40/3, හරීන් වීරසිංහ 29/3) 

යුද හමුදාව – නුගේගොඩ 

යුද හමුදාව පන්දුවාර 49.2 කදී ලකුණු 304 යි – (හරිත් ප්‍රනාන්දු 88, බිෂාන් මෙන්ඩිස් 79, ෂෙහාන් ප්‍රනාන්දු 21, පැතුම් කුමාර 24, ලක්ෂාන් ගමගේ 12, මහේෂ් තීක්ෂණ 33, නිපුන් ලක්ෂාන් 65/4, සඳරු චන්දිත 37/3)

නුගේගොඩ පන්දුවාර 45.4 කදී ලකුණු 244 යි – (මුදිත ලක්ෂාන් 69, සකුන ලියනගේ 72, සඳරු චන්දිත 18, තෂික නිර්මාල් 34, සුකිත ප්‍රසන්න 17, හෂාන් සංදීප 36/4, හේෂාන් හෙට්ටිආරච්චි 40/2, මහේෂ් තීක්ෂණ 55/2)

කලුතර නාගරික – සැරසන්ස් (එක් පිලකට පන්දුවාර 36 යි) 

කලුතර නාගරික පිලට ලකුණු 79 ක ජයක් 

කලුතර නාගරික පන්දුවාර 36 කදී ලකුණු 156 යි – (ඉන්ෂක සිරිවර්ධන 48*, ලසිඳු අරෝෂන 20, ලක්ෂාන් සසංග 20*, ළහිරු තඹවිට 18, කවිඳු දිල්හාර 27/3, බිහංග මෙන්ඩිස් 32/2)

සැරසන්ස් පන්දුවාර 27 කදී ලකුණු 91 යි – (නවිඳු නිර්මාල් 21, බිහංග මෙන්ඩිස් 18, සෙනරු සිල්වා 16, ලික්ෂාන් සසංග 26/2, ඉන්ෂක සිරිවර්ධන 26/2)

පොලිස් – නාවික හමුදාව

පොලිස් පිලට එක් ලකුණක ජයක් 

පොලිස් පන්දුවාර 49.1 කදී ලකුණුඅ 225 යි – (බවන්ත උඩංගමුව 36, අසේල සිගේරා 41, රුවින්ද ඩිල්ෂාන් 31, නදීර බාලසූරිය 38, කවිඳු කරුණාරත්න 37/2, අමීම් නිෆ්ලාල් 37/2)

නාවික හමුදාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 224 යි – (ජොආන් ද සිල්වා 16, භාග්‍ය දිසානායක 60, ශම්මු දිමුත් 36, සලිත් ප්‍රනාන්දු 44, දමින්ද රිෂාන් 31, තාෂික් පෙරේරා 24/2, නදීර බාලසූරිය 44/2) 

Text by – sl cricket