අසාර්ථක යුවරාජ් සහ දෝණි නිසා ඉන්දියාවට ප්‍රශ්නයක්…

Spread the love

චැම්පියන්ස් කුසලාන තරඟාවලිය අවසානය සමඟ අනුශූරථාවය දිනු ඉන්දීය කණ්ඩායම කොදෙව් දේශයේ සංචාරය කරන අතර චැම්පියන්ස් කුසලානයට සහභාගී වූ ඉන්දීය සංචිතයෙන් වෙනස් වී තිබෙන්නේ රෝහිත් ශර්මාගේ ස්ථානය රිශාබ් පාන්ට් ලබාගැනීම සහ ජශ්පිට් බුම්රගේ තැනට කුල්දීප් යාදව් කැඳවීමයි.

චැම්පියන්ස් කුසලානයට සහභාගී වූ ඉන්දීය කණ්ඩායම සෑම තරඟයකම පාහේ තම පිතිකරුවන් 7 දෙනෙකු සහ පන්දු යවන්නන් හතර දෙනෙකු සමඟ ක්‍රීඩා කරන ආකාරය අපට දක්නට ලැබිණි.මෙලෙස ඉන්දීය නායකයා වැඩිපුර පිතිකරුවෙකු තරඟ සඳහා යොදා ගැනීමට හේතුව ලෙස ක්‍රීඩා විචාරකයන් පවසන්නේ ඉන්දීය පිතිකරණ ලයිස්තුවේ අංක 4 සහ 5 පිතිකරුවන් දෙදෙනා ගැන කණ්ඩායම තුල විශ්වාසයක් නොමැති වීමයි.

ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ලෙස ධවාන්,රෝහිත් සහ කෝලි දක්ෂතා දැක්වුවද අංක 4 සහ පහ ස්ථානවල ක්‍රීඩා කරන කණ්ඩායමේ ප්‍රවීනම ක්‍රීඩකයන් දෙදෙනා වන යුවරාජ් සිං සහ MS දෝණි ගේ දක්ෂතා වල පැහැදිලි පහල වැටීමක් දක්නට ලැබීම ඉන්දියාවේ සෙසු පිතිකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

එංගලන්ත තරඟාවලියේ ඉහල දක්ෂතා දැක්වූ කෙදාර් යදව් පිතිකරණ අනුපිලිවලේ පසුපසට යැවීමද ප්‍රවීණ ඉන්දීය ක්‍රීඩකයන් වන රාහුල් ද්‍රාවිඩ් සහ අජිත් අගාකාර් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බවද වාර්තා වේ.

2019 ලෝක කුසලානය කරා කණ්ඩායම යන ගමනට යුවරාජ්ගේ සහ දෝණිගේ පිතිකරණ ස්ථාන දැඩිව බලපාන නිසා,දැන් වයස 37 පසු කර තිබෙන මෙම ක්‍රීඩකයන් දෙදෙනා ගැන ඔවුන් තීරණයක් ගන්නට පෙර ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණයක් ගත යුතු බව ද්‍රාවිඩ්ගේ මතයයි.

මොවුන් දෙදෙනාට අමතරව රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් දෙදෙනාම ඇඟිලි උපයෝගී කරගෙන දඟ පන්දු යවන ක්‍රීඩකයන් වීම නිසා තරඟයේ පන්දුවාර 20-40 අතර පන්දුවාර වල ඔවුන් ප්‍රහාරයකට ලක් වීමේ හැකියාව ගැනද සකලා බැලීමෙන් අනතුරුව කුල්දීප් යාදව්ට වැඩි අවසථාවක් හිමිවිය යුතු බවද ඉන්දීය ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතයයි.

[rns_reactions]