එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිනිය ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුවී තිබේ.
මීට පෙර ඇයට පක්ෂයේ මහ ලේකම් තනතුර ලබාදීමට යෝජනා වී තිබු අතර පසුව එය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබා දීමට තීරණය කෙරිණි.
දැනට වැඩ බලන මහලේකම්වරයා ලෙස පත්කර ඇත්තේද ඔහුය.
කෙසේ වෙතත් දේශපාලන පුවත් වාර්තා සඳහන් කරන ආකාරයට අතුකෝරළ ඇමතිවරියද සභාපති තනතුරට වඩා වැඩි කැමැත්තෙන් සිටින්නේ මහ ලේකම් තනතුරටය.
ඇගේ සොයුරු ගාමිණී අතුකෝරළ මහතා ද කලක් පක්ෂයේ මහලේකම් තනතුරු හෙබවීය.
ඉදිරි දින කිහිපය තුල පක්ෂයේ නව තනතුරු ලබාදීමට නියමිතය.

