අළු යට ගිණි පුපුරු කරලියට… රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන අද කරලියේ වෙන දේ මෙන්න…

අළු යට ගිණි පුපුරු කරලියට… රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන අද කරලියේ වෙන දේ මෙන්න…
Spread the love
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවන්ට පැමිණීමේ අපේක්ෂාවෙන් තීරණාත්මක සාකච්ඡා වට 07ක් අද (02) සහ හෙට (03) පැවැත්වෙනවා. ඒඑක්සත් ජාතික පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානයඒකාබද්ධ විපක්ෂයශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතරයි.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡා වට දෙකක් පැවැත්වෙනවා. ඒ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සවස 03ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම ද අද පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ද අද (02) පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනපති නිල නිවසේදීයි. විශ්වාසභංගය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම මෙහි අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල කියා සිටියේ.

කෙසේ වෙතත් අද (02) දිනයේදී තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් හෙට (03) සහ අනිද්දා (04) යන දිනවලදී ද සාකච්ඡා පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ද අද පැවැත්වීමට නියමිතයි. ඒපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ මූලිකත්වයෙන්. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම එහි ප්‍රධාන අරමුණයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද අද (02) පැවැත්වෙනු ඇති. එය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (01) දිනයේදීයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට පැවැත්වෙනවා. සවස 05ට එය ආරම්භ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ද හෙට පස්වරු 06ට පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිද්දා (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.