පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු ඇතුළු ආයුධ තොගයක් සමඟ තරුණයන් දහඅට දෙනකු (18) අලවතුගොඩ ප්‍රදේශයේ ආගමික මධ්‍යස්‌ථානයක සැඟවී සිටියදී පොලිසිය මගින් (08 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපපොලක්ම ඒ අතර වන බව අපට වාර්තා වේ….
අත්අඩංගුවට ගත් ආයුධ අතර විශාල ප්‍රමාණයේ පෙට්‍රල් බෝම්බ 6 ක් තිබූ බව පොලිසිය පවසන අතර මෙම තරුණයන් රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය බව විමර්ශනවලින් හෙළිවී ඇත.
දිලුම් සහ ලොහාන්ගේ අනුදැනුම මත කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා පැමිණි පිරිසක් අලවතුගොඩ ආගමික ස්‌ථානයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත එම ස්‌ථානය ඊයේ අලුයම වැටලූ පොලිසිය මොවුන් අත්අඩංගුවට ගන්නා ලද අතර පසුගිය දින කීපය තිස්‌සේ මහනුවර අවට සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා රැසකට මෙම පිරිස සම්බන්ධ බවට පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.