“රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා මැතිවරණයෙන් පස්සෙත් මේ ආණ්ඩුව මෙහෙමම යනවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේක මෙහෙමම ගෙනියන් බැහැ කියලා. බඩුමිල වැඩිවෙලා, අර්ථික ප‍්‍රශ්න ඇතිවෙලා, රැකියා ප‍්‍රශ්න විසඳලා නැහැ. හොරකම් සිදුවෙලා. මේ සිදුවන දේවල් දිහා බැලූවාම හරිම පැහැදිලියි කඩිනම් වෙනසක් ජාතික තලයේ සිදුවිය යුතු බව. ඒක සිදුවන්නේ කෙසේද යන්න අපිට දැන් කියන්න බැහැ. ජනාධිපතිතුමා කියලා තියෙනවා මැතිවරණයෙන් පසුව ආර්ථිකය තමන් යටතට ගන්නා බවට. හොරුන්ට දඬුවම් දීම කරන බව” යැයි විද්‍යා හා තාක්ෂන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප්‍රකාශ කරයි.
කිසිම වෙනසක් සිදුනොවී මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව මේ විදිහටම පවත්වාගෙන යන බවට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළත් එහෙම යන්න බැරි බව ඕනම කෙනෙකුට වැටහෙනවා යැයිද පේ‍්‍රමජයන්ත මහතා පවසන අතර ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.