ආණ්ඩුවෙන් එළියට ගිය 16 දෙනා සම්බන්ධන් හමුවෙති

ආණ්ඩුවෙන් එළියට ගිය 16 දෙනා සම්බන්ධන් හමුවෙති
Spread the love
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායම ඊයේ (30) විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
එහිදී තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූ හේතුව මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට සහයෝගය දැක්වීමට හේතුව පිළිඳව විපක්ෂ නායකවරයා දැනුම්වත් කළ බවද ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායම දරන ස්ථාවරය පිළිබඳව දැනුම් දුන් බවද කීය. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ වෙනම සංශෝධනයක් ලෙස ඉදිරිපත් කිරීම ඵලක් නොවන බවද මෙහිදී තම කණ්ඩායම පෙන්වා දුන් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.