අද දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව දින නියමයකින් තොරව කල් දමා තිබේ.
ඉදිරි මධ්‍යම කාරක සභාව පැවැත්වෙන දිනයක් මෙතෙක් තීරණය කර නැති බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.
විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය ලබා දුන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට කල ඉල්ලීම ගැන අවසන් තීන්දුව ගැනීමට අද දිනයේ මධ්‍යම කාරක සභාව ගස්වීමට නියමිතව තිබින.
එම හේතුව නිසා ශ‍්‍රිලනිප සියළු ඇමතිවරුන් කැබිනට් රැස්වීම වර්ජනයකද නිරත වූහ.
මේ අතර වාර්තා වන්නේ තව දුරටත් ආන්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්ධ්යෙන් බරපතල බෙදීමක් ශ‍්‍රීලනිපය තුල ඇතිව තිබෙන බවයි.
බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සදහන් කරන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරය සදහන් කරන්නේ එජාපය සමග තව දුරටත් ආණ්ඩු නොකල යුතු බවයි.


