ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
[rns_reactions]