ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පලුදු කිරීමේ චෝදනා සදහා වැරදිකරු කර තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා. ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිදුවූ සිදුවීමක් නිසා දිනේෂ් චන්දිමාල්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා.
“පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම” යන චෝදනාව යටතේ ක්‍රිකට් ව්‍යවස්තාවේ නීති අනුව මෙම තීරණය ලබා ගත් බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
මේ පිළිබදව වැඩි විස්තර හැකි ඉක්මණින් ලබා දෙන බවටද ක්‍රිකට් කවුන්සිලය සටහන් කර තිබුනා.

