ආන්දෝලනාත්මක මුස්ලිම් විවාහ නීති ගැන වාර්තාව යලිත් කරලියට…

ආන්දෝලනාත්මක මුස්ලිම් විවාහ නීති ගැන වාර්තාව යලිත් කරලියට…
Spread the love

මුස්ලිම්  විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍යංශය වෙත භාරදී තිබේ.
 
කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මර්ෂුප් මහතා විසින් අදාළ වාර්තාව තමන්  වෙත භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.
 
2009 වසරේ හිටපු අධිකරණ අමාත්‍යවරයා විසින් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමත්විත එම කමිටුව පත් කර තිබූ අතර අදාළ කමිටු වාර්තාව කඩිනමින් ලබාදිමට කටයුතු කරන ලෙස පසුගියදා වත්මන් රජය  කමිටු නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
 
කමිටුව විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ අඩංගු බොහෝ කරුණු පිළිබඳ  අවධානය යොමු කර ඇති අතර විවාහ වන වයස් සීමාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්ය.