ආන්දෝලනාත්මක වඳ පෙති ගැන ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් කියන අමුතු කතාව…!

ආන්දෝලනාත්මක වඳ පෙති ගැන ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් කියන අමුතු කතාව…!
Spread the love

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීම අපේ යුතුකම යැයි මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති බවත් සඳහන් කළ ඇය, ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වද බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකි බව අවධාරණය කළාය.

”දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි පුරුෂයන්ගේ තාවකාලික වඳ බාවයක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත” යනුවෙන්ද ඇය පැවසුවාය.

මෙම මාධ්‍ය හමුවට ස්වේච්ඡාවෙන් කරුණු දැක්වීම සදහා වෛද්‍යවරු රැසක්ද සහභාගි විය.