ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟ දෙකෙහිම පන්දු යවන්නන්ට දවා ගැනීමට නොහැකි වූ ආරම්භක පිතිකරණ ස්ථානයෙන් මැදපෙලට මාරු වීමක් ලැබූ කුසල් ජනිත් පෙරේරාට චැම්පියන්ස් කුසලානයේ ඉදිරි තරඟ අහිමි වී යා හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
ඉන්දියාව සමඟ ජයග්‍රාහී තරඟයේ හොඳින් ලකුණු අතරට පැමිණීමෙන් පසුව පාදයේ අභාදයට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වූ කුසල්ගේ අභාද තත්වය මත ඉදිරි තරඟ ක්‍රීඩා කිරීමේ අවසථාව අහිමි වන බවට ආරංචි මාර්ග පවසන අතර කුසල්ගේ ස්ථානය සඳහා මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමේ සුදානමක් ඇති බවද එංගලන්තයෙන් ආරංචි වේ.
කපුගෙදර ආබාදයට ලක්වීම සමඟ ඔහුගේ තැනට ධනුෂ්ක ගුණතිලක ආදේශ කල අතර තවත් සුදානම් ලැයිස්තුවේ සිටින ක්‍රීඩකයන් වන්නේ ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරාය.
[rns_reactions]

