ආබාධ මධ්‍යයයේ සා/පෙළ ජයගත් මාතර අපේ දිරිය දියණිය….

Spread the love

මාතර සුගතපාල ගොඩවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ දරුවන් තිදෙනාම ඉහළ සාමාර්ථ ලබා විභාගයෙන් සමත් වී තිබෙනවා. මේ දරුවන් අතර ශ්‍රවණ ආබාධයකින් පෙළෙන නෙත්මි දේශානි හංසිකා නම් දැරිය A සාමාර්ථ 08ක් සහ B සාමාර්ථයක් ඇතිව ඉතා ඉහළින් විභාගය සමත්ව තිබීම විශේෂත්වයක්.

ඇයට ඉගැන්වූ ගුරුවරුන් කියා ඇත්තේ ඇය විෂය කරුණු ඉගෙන ගත්තේ ගුරුවරුන්ගේ කට චලනය වන ආකාරය දෙස බලාගෙන බවයි. ඇයගේ සිහිනය වෛද්‍යවරියක් වීම නමුත් ශ්‍රවණ ආබාධය නිසා ඇයට එම සිහිනය සැබෑ කරගත නොහැකි බවත් පවසා තිබෙනවා.

මේ නිසා යම් වෛද්‍යවරයෙකුගේ සහය ලැබෙන්නේ නම් ඇයට තමන්ගේ සිහිනය සැබෑ කරගත හැකි බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.