ආයෝජන මණ්ඩලයේ සුපිරි ගැහිලි…..

ආයෝජන මණ්ඩලයේ සුපිරි ගැහිලි…..
Spread the love

අප වෙබ් අඩවිය විසින් මීට ටික කලකට පෙර සිටම එක දිගටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා ගැන වාර්ථා කරන ලද අතර ම අක්‍රමිකතා වලට සෘජුවම වගකිව යතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වරයකු වන නීතීඥ ලෝගුව කරපින්නාගෙන නීතියේ දෙව්දුවව කෙලෙසන නීතීඥ උපුල් ජයසූරියගේ වෘත්තීය මෙන්ම පුද්ගලික ජීවිතයේද ජුගුප්සාජනක තැන් අපට වාර්ථා වූ ආකාරයෙන්ම ඔබේ දැනගැනීම පිණිස ඔබ හමුවේ ඉදිරිපත් කරන ලදී.

එසේ කරුණු කාරණා සිදුවෙමින් පවතිද්දී මෙම උපුල් ජයසූරිය ගැන ලැබුණු ආරංචියක් නිසාවෙන් අප මෙන්ම ඔබද වික්ෂිප්ත වනවා නොඅනුමානය.මන්ද යත් මෙම කළු කබා කාරයා මෙරට පිළිගත් ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකින් නාමයොජනා ලබා ජනතා නියෝජිතයෙකු ලෙස කරළියට ඒමට මේ වන විට පිඹුරුපත් සකසමින් සිටින බවය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තමා සභාපතිව සිටියදී මෙසිරිලකට ආයෝජන වෙනුවට වැඩිපුරම නඩු ගෙනා , අහිංසක රට වැසියන්ගේ බදු මුදල් වලින් රුපියල් බිලියන 87ක් ගිල්ල ආයෝජන මණ්ඩලයේ සභාපතිට හිමිව තිබූ රු.358154.00ක මුදල රු.850000.00 දක්වා අත්තනෝමතිකව වැඩිකරගෙන ඊටත් එහා හිඟ වැටුප් විදිහට ලක්ෂ 40ක් ගත් මේ උපුල් ජයසූරිය කියන කළු කබා කාරයා රට වෙනුවෙන් රට වැසියා වෙනුවෙන් සුභසිද්ධිය පතා වැඩ කරන්නේ කෙලෙසද යන්න අප හට උභතෝකොටිකයකි.මේ පිළිබඳවhttp://www.ethalayanews.com/

විසින් සවිස්තරාත්මක වාර්ථාවක් ඉදිරිපත් කර ඇති අතර ඔබට ඉහත වේබ් ලිපිනය ඔස්සේ හෝ පහත අප උපුටා දක්වා ඇති කරුණු මත ඇත්ත නැත්ත ඔබේ නැන පමණින් වැටහී යනු ඇත.

ඊටත් අමතරව රටක් ලෙසට අමන්දානන්දයට පත්වීමට අපට හැකිවන්නේ මේ කළු කබා කාරයේ දහදුරා වැඩ වලට එරෙහිව මවුබිමට ආදරය කරන මවුබිම වෙනුවෙන් නිබඳවම පෙනී සිටින සිවිල් සංවිධාන කිහිපයක්ම නොබෝ දිනක කොළඹ ලිප්ටන් වටරවුම , කොටුව දුම්රියපොළ , සිරකොත , ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය හා පාර්ලිමේන්තු වට රවුම වටලා මෙම කළු කබාය පොරවාගත් හිවල් කුලේ උපුල් ජයසූරිය විසින් මෙරටට අහිම කල මුදල නැවත අයකර ගැනීමටත් මොහු සමඟ වරද කල උන්ට නිසි දඩුවම් ලබාදීමටත් පෙලගැසී සිටීමය. විශ්වාස කටයුතු ආරන්චි මාර්ග වල සඳහන් වන අයුරින් ඉදිරි මාසය හා දෙක තුල එම සංවිධාන විසින් ලංකා පොලීසියට,ලංකා නීති සංගමයට , CIDයට ,FCIDයට මෙන්ම අධිකරනයටද මේ උපුල් ජයසූරිය ගැන පාඩමක් කියාදීමට සැරසී සිටී.රට වෙනුවෙන් රට වැසියා වෙනුවෙන් ඔවුන්ගේ එම ක්‍රියාමර්ගයන්ට සුපිරිගොසිප් අපගේ සුභපැතුම් පිළිගැනිවීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර මොනයම්ම හෝ හේතුවකින් ඉහත සඳහන් කල උපුල් ජයසූරිය වන් දහදුරා පුද්ගලයෙකුට නම යෝජනා දීමට ඉදිරිපත් වන පක්ෂය ගැන තීන්දු තීරණ ගැනීමට උගත් බුද්ධිමත් ඔබ වෙත භාර කරමු ..

උපුල් ජයසූරිය සහ ඔහුගේ නඩය විසින් මෙරටට සිදු කල මිනිය නොහැකි පාඩුව ගැන එල්ල කල ඊතලය පහතින්,

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රථමයෙන් ස්ථාපිත කරණු ලැබුවේ ජේ.ආර් ජයවර්ධන විසිනි.1977 හයෙන් පහක අති බහුතර බලයකින් බලයට පත් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ විවෘත ආර්ථික ක්‍රමයයි.1977ට පෙර අප රටේ පැවතියේ සංවෘත ආර්ථික ක්‍රමයයි.නමුත් එම තත්වය නොපිට පෙරලමින් විවෘත ආර්ථික ක්‍රමය රට තුල ස්ථාපත කිරීමත් සමඟ මුළු සමස්ත සමාජ පද්ධතියම ක්‍රමිකව වෙනස් වූයේ හොඳට වඩා නරක සමාජයට ග්‍රහනය වෙමිනි.

විවෘත ආර්ථික ක්‍රමය ඇති කිරීම තුලින් අද වන විට රට මොන තරම් අරාජික තත්වයට පත්වී ඇතිදැයි කිවහොත් ගණිකා මඩම්,මසාජ් කිලිනික්,කුඩු, මත්ද්‍රව්‍ය ,මාෆියා කල්ලි ඇතුළු එකී මෙකී නොකී බොහෝ දේවල් රට තුල සංසරනය වීමට පටං ගත්තේ කළු සල්ලි ව්‍යාපරයද රජ කරමිනි.විවෘත ආර්ථික ක්‍රමයේ මූලික හර පද්ධතිය වන්නේ මුදල්ය.අම්මා තාත්තා මරා හෝ මුදල් ඉපයීමට හැකි නම් ඊට හොඳම සමාජ ක්‍රමය දැන් පවතිණු ඇත.

රට තුල ආයේජන ඇතිකිරීම හා විදේශීය ආයෝජකයන්ට රටේ ආර්ථිකය අවශ්‍ය පමණටත් වඩා විවර කර ගැනීමේ අදිටනින් යුතුව ජේ.ආර්. ජයවර්ධන විසින් 1978 දී අංක 4 දරණ නීතිය මඟින් මහ කොළඹ ආර්ථික කොමිසම 1978 මාර්තු 7 වැනිදා පිහිටුවනු ලැබීය.එතැන් පටන් ආර්ථික කොමිසමට හිමිවූයේ විශාල බලයකි.ඒ හරහා අද වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිථාපිත වී ඇත.

අතීතයේ සිටම ආයෝජන මණ්ඩලයට යම් යම් ඡෝදනා එල්ල වුවද ඒවා සමාජය තුල අඩු වැඩි වශයෙන් කතාබහට ලක්විය.එහෙත්,2015 දී මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එල්ල වූයේ බරපතල ඡෝදනාය.යහපාලනයේ ප්‍රථම ආයෝජන මණ්ඩල සභාපති ලෙස නීතීඥ උපුල් ජයසූරිය පත්වන විට ඔහුගේ අමාත්‍යාංශ ප්‍රධානියා වූයේ මලික් සමරවික්‍රමය.තකට තක කීවා සේ දෙදෙනාම විවිධ ඡෝදනා සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වූ චරත දෙකකි.

ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට උපුල් ජයසූරිය පත්වූ පසු එම මණ්ඩලයට එරෙහිව විවිධ ඡෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ගොනු වී ඇති නඩු සංඛ්‍යාව 41 කි.ඔහු සිය තනතුරේ රාජකාරි සිදු කලේ වසර දෙකක් වැනි කෙටි කාලයකි.එම කාල පරිච්ඡේදයට නබු 31 ක් ආයෝජන මණ්ඩලයට ගොනු වීම තුලින්ම ඔහුගේ පරිපාලනයේ දුර්වලතාවය කැපී පෙනෙනවාට සැක නැත.

එඩ්නා චොකෝ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක ප්‍රකාශ කර සිටින්නේ තම ආයතනය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දායකත්වය සපයන ප්‍රධාන සමාගමක් බවයි.වසර ගනනාවක් තිස්සේ විදේශීය ආයෝජන සමඟ කරන තමන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරන බවය.එතෙක් මෙතෙක් කටයුතු කරන වකවානුව තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති වරු අතරින් උපුල් ජයසූරිය ඉතාමත් අයහපත් තත්වයකින් කටයුතු කර ඇති බව ඔහුගේ තර්කය වී ඇත.

එම නිසා තම ආයතනයටද විශාල වශයෙන් පාඩු විඳිමට සිදුවූ බැවින් ඊට එරෙහිව තම ආයතනය ජනාධිපති නීතීඥ ලක්ෂ්මන් පෙරේරා හා සඳමාල් රාජපක්ෂ හරහා ආයෝජන මණ්ඩලයට විරුද්ධව නඩු පවරා ඇත.සී.ඒ. 465/2015 අංක දරණ එම නඩුවෙන් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාපතිව සිටියදී තම ආයතනය හරහා අයුතු ගණුදෙණු වල නියැලීමට උත්සාහ කල බවයි.

එහෙත් තමන් ඊට එකඟ නොවුන බැවින් තම ආයතනය හා ආයෝජන මණ්ඩලය අතර විවිධ ප්‍රශ්න පැණ නැගුන බව එඩ්නා චොකෝ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක මාධ්‍ය හරහා ප්‍රකිශ කර තිබිණි.ඔහුගේ තර්කය වී ඇත්තේ ආයෝජන මණ්ඩලය යනු ලංකාවට පැමිණෙන ආයොජකයින් හා ලංකාවේ ආයොකයන් සමඟ ඉතාමත් කිට්ටුවෙන් ගණුදෙණු කර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කීරීම සඳහා පියවර ගතයතු මණ්ඩලයක් බවය.

එහෙත් උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාපති ධූරය දරණ විට එම තත්වයන් තිබී නැත.නිතරම පැවතී ඇත්තේ ආයේජකයන් හා මණ්ඩලය අතර අයුතු ගණුදෙනු හරහා මුදල් ඉපයීමේ ක්‍රමවේදයන් පසුපස දිව යාමටය.ආයෝජන මණ්ඩලයට එරෙහිව ඔහුගේ පාලනය තුල නඩු 41 ගොනු වීම  තුලින්ම එය පෙන්නුම් කෙරෙනු ඇත.

නිවාරදි ආකාරයට කල්පනා කර බැලීමේදී උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාති ධූරය දරණ විට රට තුලට වැඩිපුර රැගෙන විත් ඇත්තේ ආයෝජන නොව නඩුය.දළ වශයෙන් සති දෙකකට එක නඩුව බැගින් ඔහු සිටි වසර දෙකක කාලය තුල රැගෙන විත් ඇති බව නඩු 41 ක් ආයෝජන මණ්ඩලයට එරෙහිව අධිකරණයට යොමු වීම තුල පෙන්නුම් කෙරේ.

මෙහිදී තවත් සැලකිය යුතු කරුණක් වන්නේ ආයෝජන මණ්ඩලයට එරෙහිව යොමුවන මෙම නඩු වලදී පෙනී සිටින නීතීඥ සමාගම් හා නීතීඥයින් කවුරුන්ද යන්නය.උපුල් ජයසූරියද නීති ක්ෂේත්‍රෙය් ලොකු පලපුරුද්දක් ඇති නීතීඥයෙකි.එසේ නම් ඔහු තම මණ්ඩලයට පැමිණි එම නඩු ලබා දුන් සමාගම් හා ඔවුන් අතර යම්කිසි අනිසි ගණුදෙනුවක් සිදුවී ඇත්ද යන්න මණ්ඩලයේම ඇතැම් දෙනාගේ කතාබහට ලක් වී ඇත.

ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ඔහු කටයුතු කල කාලයේදී කොළඹ ජොසප් ලේන් හි පිහිටි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් තායිලන්තයේ සිට මාළු ඇසුරුම් කරන කන්ටේනර් වලට මුවා වී සමාජයට අහිතකර අසුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන විත් ඔරුගොඩවත් රේගු අංගනයේ තිබියදී රේගු නිලධාරීන්ගේ අත් අංඩංගුවට පත්වී ඇත. එසේම බ්‍රැන්ඩියල් ටෙක්ස්ටයිල්ස් ආයතනය රසායනික ද්‍රව්‍ය කිලෝ දස දහස් ගනනක්ද රැගෙන විත් රේගු භාරයට පත්වී ඇත. 

එම අවස්ථාවේදී ආයොජන මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් උපුල් ජයසූරිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට නියෝග කර ඇත්තේ රේගු අත්අඩංගුවට පත්වී තිබෙන එම දුව්‍ය නිදහස් කරන ලෙසය. උපුල් ජයසූරිය නීතීඥ වරයෙකි.ඔහු මේවා සිදුකලේ නීතිය නොදැන නොවේ.නීති විරොදී දෙයක් රැගෙන විත් ඒවා රේගු භාරයට පත්වූ පසු පරීක්ෂන පවත්වා නීති මගින් කටයුතු කරනවා මිස ඒවා නිදහස් කර හැරීමට රේගු නිළධාරීනට බලපෑමි එල්ල කිරීමට උපුල් ජයසූරියට ඇති නීතිමය හැකියාව කුමක්ද ?

කඩුවෙල වැලිවිට පිහිට ඇමරිකන් ඇන්ඩ ඒ ෂීට් ලංකා ආයතනයද නූල් පංදු නීශ්පාදනය කිරීම සහා බදු මුදල් වංඡා කරමින් නූල් පිටරටින් ගෙන්වීමට එම කාල පරිච්ඡේදය තුල ක්‍රියා කර ඇති බව හෙළිවී තිබේ.

ආයෝජන මණ්ඩලය හා අමාත්‍ය මලික් සමරවික්‍රම වග උත්තර කරු කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රෙය් විධායක අද්‍යක්ධ පූජ්‍ය අගුරුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් අභියාචනාධිකරනයේ නඩුවක් ගොණුකර ඇත.වග උත්තර කරුවන්  50 දෙනෙක් නම් කරමින් ගොණුකර ඇති නඩුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ ආයෝජන මණ්ඩලයේ නිසි ප්‍රමිතියකින් තොරව රටට බදු මුදල් අහිමි කරමින් හොරණ ප්‍රෙද්ශයේ ටයර් කම්හල් ව්‍යාපෘතියක් ඇති කිරීම සඳහා ආයෝජන මණඩලය අවසර ලබා දී ඇති බවය.

එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී ඩෙලර් මිලියන 75ක් ලෙස අර්ථ දක්වා ඇතත් ඉන් පසුව එය ඩොලර් මිලියන 250ක් දක්වා වැඩිවීම සැක සහිත බවද උන් වහන්සේ ප්‍රකාශ කරන දෙයකි.මහින්ද රාජපක්ෂ පාලනය තුල ඔහුගේ මුදල්  ආයෝජනය කර ඩුබායිහිදී මහා හෝටලයක් ආරම්භ කල නන්දන ලොකුවිතාන නැමැත්තා හොරණ මෙම ටයර් කම්හල ඉදිකිරීමේ පුධාන නියොජිතයාය.එදා රාජපක්ෂ පාලනය තුල ඔහු දැඩි විවේචනයට ලක්විය.

එම විවේචනය තුලින් ප්‍රකාශ වූයේ මහින්ද රාජපක්ෂ විසින් සිය පාලන කාලය තුල අයුතු ලෙස උපයන ධනය නන්දන ලොකුවිතාන සතුව තිබෙන බවය.එකී මුදල් වලින් ඩුබායිහී හෝටලය ඉදිකර ඇති බවය.යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු ඒ පිළිඳව පරීක්ෂන ආරම්භ කලද කාලයාගේ අවෑමෙන් එම පරීක්ෂන වියැකී ගොස් ඇත.අනතුරුව එම නන්දන ලොකුවිතාන සමඟ මලික් සමරවික්‍රම සබදතා ගොඩනගාගෙන හොරණ මෙම ටයර් කම්හල ඉදිකිරීමට ඔවුනොවුන් උත්සුක වී ඇත.

නන්දන ලොකු විතානගේ ටයර් කෝපරේෂන් සමාගමට මෙය ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 567ක බදු සහන ලබි දී ඇත.ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක මෙම කම්හල හේතුකොටගෙන බදු සහන වලින් රජයට අහිමි වී ඇති මුදල දල වශයෙන් රුපියල් බිලියන 87කි.

උපුල් ජයසූරිය හා මලික් සමරවික්‍රම තුල ඇත්තේ බිඳහෙලිය නොහැකි බොහෝම සැක කටයුතු ගණුදෙනුවක් බව ඇතැම් දෙනාගේ කතබෙහට ලක්වී ඇත.ඔහු ප්‍රකාශ කරන්නේ මලික් සමරවික්‍රම අමාත්‍යධූරය දරණ විට ඔහුගේ විෂය පතයට මහපොල ශිෂ්‍යත්ව අරමුදලද ගොනුව තිබූ බවය.එම මුදලයේ අරමුදල් සිංගප්පූරුවේ ශ්‍රී රාම් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ නිසි ක්‍රමවේදයකින් තොරව මිලියන දසදහසක කොටස් පවරා ඇත.

මෙම ගණුදෙනුව සිදු කිරීම පිටුපස සිටින අතරමැදි පුද්ගලයා කව්ද ?2015 සිට 2018 දක්වා එම අතරමැදි ගණුදෙනුව හරහා එම පුද්ගලයා උපයා ඇති මුදල රුපියල් ලක්ෂ 300 ක් පමණ වේ.ශ්‍රී රාම් ආයතනය මහපොළ අරමුදලේ කොටස් වලින් හම්බන්තොට ගම්පහ අනුරාධපුර ප්‍රෙද්ශ වල මුදල් ආයෝජනය කරමින් පොල් රඹුටන් අඹ වගාවන් සිදුකර ඇති බව අනාවරනය වේ.

මේ අයතා ගණුදෙනු වලන් ශ්‍රී රාම් ආයතනය රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් වංඡා කර ඇති බව සී.ඒ. 49/2106 නඩුව හරහා පෙන්නුම් කෙරෙනු ඇත.

ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිසිඳු නියමිත පටිපාටියකින් තොරව තම වැටුපද අයුතු ලෙස වැඩිකරගෙන ඇත.ඔහුගේ මුල් වැටුප වූයේ රු.358154.00 කි එය ඔහු හිතුමනාලෙට රු.850000.00 දක්වා වැඩිකරගෙන ඇත.ඒ හරහා ඔහු තමන්ගේ හිඟ වැටුප් ලෙස ලක්ෂ 40ක පමණ මුදලක්ද ලබාගෙන ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ තොරතුරු දැණගැනීමේ පනත යටතේ ආයොජන මණ්ඩලයෙන් කරන ලද විමසුමකදී අණාවරනය වී ඇත.

ආයෝජන මණ්ඩලයේ නීති අංශයේ සේවය කල නුගේගොඩ පනාගොඩ පාරේ පළමු පටුමගේ අංක 8බී දරණ ස්ථානයේ පදිංචි ශෙහාරා නවරත්නද උපුල් ජයසූරියට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු පවරා ඇත.ඇය ආයෝජන මණ්ඩලය තුල අවංකව සේවය කල තැනැත්තියක් ලෙස සැලකෙණු ඇත.උපුල් ජයසූරිගේ නීතිවීරෝධී ක්‍රියා වලට අවනත නොවී අවංකව සේවය කිරීමට යාම තුල ඇයව සිය සේවයෙන් ඉවත් කර ඇති බව ඇගේ තර්කය වී තිබේ.

එම නිසා ඇය විසින් තමාට එරෙහිව සිදු වූ අසාධාරණයට විරුද්ධව මේ වන විටත් අධිකරනයේ නඩු පවරා ඇත.ඒ උපුල් ජයසූරිය වගඋත්තර කරුවකු කරමිනි.අයෝජන මණ්ඩලයට පසුගිය කාල පරිච්ඡේදය තුල එල්ල වූ ඡෝදනා එකක්වත් සුභවාදී නැත.සුජීව සේනසිංහ ඇමති වරයාද අධවේගී දුම්රිය නිශ්පාදන ව්‍යාපෘතිය හරහා මහා පරිමානයෙන් අල්ලස් මුදලක නියැලීමට ගොස් එය හෙළිදරවු වීම හේතුකොටගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මැදිහත් වී ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පියවර ගැනිනි.

දිගින් දිගටම ආයොජන මණ්ඩලය තුල සිදුවූ මෙම දුෂිත ක්‍රියා අනාවරනය වීමට පටංගැනීමත් සමග ජනාධිපතිගේ නියමයෙන් එහි සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු සියළු අධ්‍යක්ස මණ්ඩල සාජිකයන් ඉවත් කිරීමට පියවර ගැනිනි.ප්‍රශ්නය වන්නේ එතරම් දූෂිත වැඩ කල නිලධාරීන්ව ඉවත් කිරීම හෝ ඉවත්වන ලෙස දැනවීම තුලින් ප්‍රශ්නය විසදෙනවාද යන්නය ? නිවැරදි ආකාරයට නම් සිදුවිය යුත්තේ දූෂිත වැඩ සිදු කල ආයොජන මන්ඩලයේ සභාපති ඇතුළු එම අධ්‍යක්ෂ වරුන්ට එරේහිව නීතිය ක්‍රියාවේ යෙදවීමය.

එහෙත් එසේ නොකිරීම තුලින් ඔවුන් තව දුරටත් දූෂිත වැඩ කර උපයාගත් මුදලින් වැංඹෙනවා මිස ඊට එරෙහිව දඩුවමක් එහිමිවන්නේ නැත.ඒම ිසා ජනාධිපති වරයා වහාම මැදිහත්වී උපුල් ජයසූරියගේ සිට මේ වන තෙක් සභාපති ධූරය දැරූ සියළු දෙනාගේ පාලනයන් පිළිබඳව පූර්ණ පරෟක්ෂණයක් සිදුකර ඔවුන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිය නිසි ලෙස ආයොජන මණ්ඩලය තුල ආයෝජනය කිරීමය.එසේ නොමැතිව ඔවුන්ව ඉවත් කිරීම තුලින් ඇතිවන සුගතියක් නැත.

උපුටනය: ඊතලය