ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…
Spread the love

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාව මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරුවරයා අද (19) නියෝග කළා.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම නඩුවේදී ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබුණා.

2017අගෝස්තු මාසයේ සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවයි.