ආසියාවේ රිදී සීනුව බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ

ආසියාවේ රිදී සීනුව බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ
Spread the love

ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියෙන් පිදුම් ලද දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියසදී අද(8) පැවැත්විණි. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිරුවට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වූ අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත , ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරු එක්ව පිළිරුවට මල්දමක් පැළඳවීය. 
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීහු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

– ඡායාරූප ලංකාදිපයෙන්