ඇත්ත සොයා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරේ සිදුකළ සංචාරය‍ේදී සිදුවු සුවිශේෂි සිදුවීම් මෙන්න..

ඇත්ත සොයා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරේ සිදුකළ සංචාරය‍ේදී සිදුවු සුවිශේෂි සිදුවීම් මෙන්න..
Spread the love

රාජපක්ෂ සමයේදි නිහඩ කර තිබූ උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව යටතේ කතා කිරීමට අවස්ථාව ලැබුනද, තම ජනතාව වෙනුවෙන් කතා කිරීමේදි එය විකෘති කරමින් උතුරේ ජනතාව ජාතිවාදය පතුරවන බවට දකුණේ පරාජිත දේශපාලකයින් විසින් හංවඩු ගසන බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසා සිටියා.

උතුරේ දි සිදු කරන ප්‍රකාශ දකුණේ දි වාර්තා වන්නේ ජාතිවාදි ස්වරූපයකින් බවත් මහ ඇමතිවරයා මෙහිදි චෝදනා කළ අතරම එවැනි චෝදනාවන් සංහිඳියාව ගොඩ නැගීමට බාධා වන බවත් සඳහන් කළා.

උතුරේ දෙදින සංචාරයක යෙදින සිටින වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය ඊයේ (17) ප්‍රධාන අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ වෙනම රාජ්‍යයක් උතුරේ පිහිටුවීමට අවස්ථාවක් නොමැති නමුත් සංවර්ධන ක්‍රියාදාමය තුළ දේශපාලන යාන්ත්‍රණයක් සකස් විය යුතු බවයි.

ඊයේ සංචාරයේදි උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඤානම්, උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්, උතුරු පළාත් ප්‍රධාන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, උතුරු පළාත භාර යුධ හමුදා අඥාපතිවරයා, උතුරු පළාත් ආණ්ඩුකාරයා හමුවු අතර එහිදි උතුරේ මාධ්‍ය නිදහස හා වර්තමාන  දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

ඒ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදි බලාපොරොත්තු වන්න.