බ්‍රසීල ජනපති මයිකල් ට්‍රෙමර්ගේ බිරිඳ වන ආර්යා මාර්සෙලා විසින් ජනාධිපති මන්දිරය අසල විලක ගිලෙමින් සිටි බල්ලෙකු බේරා ගත් පුවතක් විදෙස් මාධ්‍යයන්හි අවධානයට ලක්වී තිබෙනවා.
මෙලෙස ජනාධිපති මන්දිරයේ ගෙවත්තට ඔබ්බෙන් පිහිටි විලට වැටී තිබුනේ ජැන් රසල් වර්ගයේ කුඩා බල්ලෙක්. එම අවස්ථාවේදී ජනාධිපති මන්දිරයේ ඇවිදිමින් සිටි ජනාධිපති ආර්යාව සහ ඇයගේ පුතා එම සිදුවීම දැක ජනාධිපති කාර්යාලයේ ආරක්ෂ අංශ ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.
කෙසේ නමුත් ආරක්ෂ අංශ ඒ පිළිබඳ තැකීමක් සිදු නොකල නිසා ඇය ඇඳ සිටි ඇඳුම් පිටින්ම විලට පැන එම බල්ලාගේ ජීවිතය බේරාගෙන තිබෙනවා. පසුව හිමිකරුවෙකු නොමැති එම බල්ලා ජනාධිපති මන්දිරයේ සාමාජිකයෙකු බවට පත්කරගෙන තිබෙනවා. ඒ අනුම එම බල්ලා මේ වන විට ‘‘පිකොලි‘‘ නමින් ජනාධිපති මන්දිරයේ බලු සුරතලෙකු ලෙස සිටිනවා.
කෙසේ වෙතත් මෙම බල්ලා විලට වැටුනු අවස්ථාවේදී ඌ බේරා ගැනීම ප්‍රතිික්ෂේප කල ආරක්ෂක නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බව සඳහන් වෙනවා.