මහනුවර දිස්ත්රික්කයේ, හසලක ග්රාම සේවක නිලධාරිනියකගේ රැකියාව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ අණින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. දියබුබුල වසමේ කොට්ඨාශ අංක 938 හි ග්රාම නිලධාරිනිය වශයෙන් කටයුතු කල ප්රියංගිකා සජීවනී ජයසිංහ නම් ග්රාම සේවා නිලධාරිනියගේ රැකියාව මේසේ අහිමි කොට ඇත.
මේ සබැඳිව සේවයෙන් පහ කිරීමේ ලිපියක් හෝ ඇය හට ලබා දී නොමැති අතර, ආසන්න හේතුවක් වශයෙන් දක්වා ඇත්තේ ඇය සේවය පැහැර හැරීමක් පිලිබඳව හා කාර්යාලයේ නොසිටීමක් පිළිබඳව වුවද ඇය රාජකාරී දිනයන්හි මෙන්ම අමතර දිනවලද සේවය කර ඇති බව වාර්තා වල සඳහන් වේ. එසේම ඇය කිසි දිනක රාජකාරිය පැහැර හැර නොමැති බවද අප කල විමසුමකදී ගම් වැසියන් සඳහන් කලා
ඇය සේවයෙන් පහ කිරීම පිළිබඳව මහියංගන ප්රාදේශීය ලේකම් විසින් ඇය හට දැනුම් දී ඇති අතර, ඒ අවස්තාවේදී ඇය විමසා ඇත්තේ හේතුව කුමක්ද කියාය. එවිට ප්රාදේශීය ලේකම් පවසා ඇත්තේ එය ඉහලින් පැමිණි නියෝගයක් බවත්, ලිපියක් ඉදිරියේදී එවන බවත්ය. නමුත්, අැයගේ රැකියාව අහිමිකොට මේ වන විට මාස 03 ක් පමණ වන අතර, මේ වන තෙක් ඇයට කිසිඳු ලියවිල්ලක් හෝ යම් සාධාරණයක් ඉටු වී නොමැත.
ගම්වාසීන් පවසන ආකාරයට එයට ආසන්නතම සිදුවීම වනුයේ ඇය හා අමනාපකම් ඇති ඥාතීන් විසින් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ සේවයේ නියුතු නිශ්ශංක නැමැත්තෙකු මාර්ගයෙන් මැයගේ රැකියාව අහිමි කොට ඇති බවයි. නිශ්ශංක නැමැත්තා අවස්තා කිහිපයකදී ඇයගේ දුරකථනය අමතා රැකියාව අහිමි කරන බවටද තර්ජනය කොට ඇත. මේ සබැඳිව ප්රදේශවාසීන් විසින් පෙත්සමක් ඉදිරිපත් කර ඇය නැවත රැකියාවට අනුයුක්ත කරන ලෙස ඉල්ලා ඇතත්, ඒ සියලු ලිපි ඇයගෙන් සඟවන බව දැනගන්නට ඇත.
යහපාලනය මුවාවෙන් ඇමතිලා සහ හෙංචයියලා විසින් සිදුකරනු ලබන මෙවන් අකටයුතු කම් නැවතිය යුතුව ඇත.

