ඇමති දයාසිරිට ධනුෂ්ක ගුණතිලකගෙනුත් පිළිතුරක්…

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්  සිය පෞද්ගලික ඉන්ස්ටාග්‍රැම් ගිණුමට එක් කළ විඩීයෝවක් ඊයේ දිනයේදී  කතාබහට ලක්වුණා.

එහි දැක්වුනේ ඇන්ජලො මැතිවුස් ව්‍යායාම කරන අයුරුයි.

අදාළ විඩි‍යෝවට පෙරවදනක් එක්කොට තිබෙන මැතිවුස් පවසා තිබුනේ ලොව කු‍රිරු විය හැකි බවත් නමුත් තමන්ට අවශ්‍ය ජයග්‍රහණය ලබා ගැනීම කිසිවෙකුට නැවතිය නොහැකි බවත්ය. එමනිසා මහන්සි වී සිය සිහින සැබැ කර ගැනීමට උත්සාහ කරන ලෙසත් එහි සඳහන් වුණා.

මේ අතර ශ්‍රීලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද මේ වන විට සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවක් සහ ඡායාරූපයක් පලකොට ඇති අතර ඔහු ව්‍යායාම් වල නිරත වන අයුරු එහි දැක්වෙනවා.

පසුගිය දිනෙක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාවය සහ උදරය ගැන විවේචනාත්මක ප්‍රකාශයක් කළ අතර මැතිව්ස් සහ ගුණතිලක පලකොට ඇති මෙම වීඩියෝ ක්‍රීඩා ඇමතිට ලබාදුන් පිළිබතුරක් විය හැකි බව බොහෝ දෙනා අදහස් පල කරනවා.

[rns_reactions]