ඇමති දුමින්දට ජනපති මෛත්‍රිගෙන් කණේ පහරක්.. පෙර පරිදිම පොහොර සහනාධාරය ලබාදීමට නියෝග

ඇමති දුමින්දට ජනපති මෛත්‍රිගෙන් කණේ පහරක්.. පෙර පරිදිම පොහොර සහනාධාරය ලබාදීමට නියෝග
Spread the love
පසුගිය දිනවල කතාබහට ලක්වූ පොහොර සහනාධාරය පෙර පරිදිම ලබාදීමට ජනපති මෛත්‍රී විසින් ඇමති දුමින්දට නියෝග කර ඇති අතර දුමින්ද ඉදිරිපත් කල සියලු යෝජනා ජනපති මෛත්‍රී විසින් ප්‍රතික්ෂේප කිරීමද විශේෂත්වයකි…
ඒ අනුව යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී) පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 500 බැගින් වී ගොවීන්ට ලබාදෙනු ඇත. අනෙකුත් බෝග වර්ග සඳහා සහන පොහොර ලබාදෙන්නේ කිලෝග්‍රෑම් 50 මිටියක් රුපියල් 1500 බැගින් බවත් අපට වාර්තා වන අතර මෙම සහන පොහොර බෙදා හරිනු ලබන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ගබඩා සහ ගොවි සංවිධාන විසින් අලෙවිකරනු ලබන වෙනත් ස්ථාන මගිනි.
සහන පොහොර ලබාගත හැක්කේ හෙක්ටයාර් 2ක උපරිමයට යටත්ව වී වගා කරන ගොවීන්ටය. ඔවුන් වී වගාව සඳහා පිදුරු හෝ කාබනික පොහොර භාවිතා කරන බව තහවුරු කළ යුතු අතර වී ගොවිතැන කරන කුඹුරු ඉඩම් පිහිටි ප්‍රදේශයට අදාළ ගොවි සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතු වේ.
මෙසේ සහන මිලට ගොවින්ට පොහොර ලබා දුන්නද වස විසෙන් තොර වගාවන් සඳහා කාබනික පොහොර ප්‍රචලිත කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර සඳහා වෙනම ඒකකයක්ද පිහිටුවා තිබෙන බවත් රජයේ පාලනය යටතේ තිබෙන පොහොර සමාගම් මගින් කාබනික පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද අපට වාර්තා වේ..