රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාළ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමා යටතට පවරාගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (21) ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් එම පවරා ගැනීම කර ඇත.මෙම ගැසට් නිවේදනයට අනුව එස්. බි. නාවින්න මහතා දරන ඇමැති ධුරය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන ආරක්ෂක අමාත්‍යංශය වෙත පැවැරෙනු ඇත.
ඇමැති නාවින්නගේ විෂයක් ජනපති පවරා ගනී
