ඇයි රථ වාහන වලට විතරක් … පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් දඩ …

ඇයි රථ වාහන වලට විතරක් … පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් දඩ …
Spread the love
රථ වාහන වැරදි 33 ක් සදහා ස්ථානීය දඩ වැඩි කිරිමට සමගාමීව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විනය ආරක්‍ෂා කිරීම සදහාද දඩ ක‍්‍රමයක් හදුනා දෙන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් කතානායකවරයාගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා දඩ නියම කිරීමට වැරදි 8 ක් ද ඒ සදහා නියම කළ යුතු දඩ මුදල්ද මෙහිදී යෝජනා කර ඇති අතර පාර්ලිමේන්තුව තුළ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හෝ පහරදීම සදහා රුපියල් 25,000 ක දඩයක්ද, පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය වචන ප‍්‍රකාශ කිරීම සදහා රුපියල් 20,000 ක දඩයක්ද යෝජිතයි. පාර්ලිමේන්තුව හෝ මහජනතාව නොමග යවන ප‍්‍රකාශ සිදුකිරීම සහ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන ගැසට් නිවේදන නිකුත් කි්රීම වෙනුවෙන් රුපියල් 15,000 බැගින් දඩ නියම කිරීමටද මෙමගින් යෝජනා කර ඇත.
තවද සාධාරණ හේතුවක් නොමැතිව පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගි නොවීමට සහ පාර්ලිමේන්තු රැස්වීම් අතරතුර අවධානයෙන් නොසිටීමට රුපියල් 10,000 ක දඩයක් යෝජනා කර ඇත.
සාක්‍ෂි නොමැතිව පාර්ලිමේන්තුව තුළදී කිසියම් පුද්ගලයෙකුට චෝදනා කිරීමටද රුපියල් දස දහසක දඩයක් යෝජනා කර ඇත.
පාර්ලිමේන්තු සභා ගැබ තුළ නිදා ගැනීම වෙනුවෙන් රුපියල් 5,000 ක දඩයක් නියම කළ යුතු බවයි මෙම සිවිල් සංවිධාන එකමුතුව පවසයි.