ඇයි සර් සුනිල්ට විරුද්ධව අපරාධ නඩුවක් දැම්මේ? – ආබාධිත සෙබලා අහපු දෙයින් මහින්දට මල පැනලා…

ඇයි සර් සුනිල්ට විරුද්ධව අපරාධ නඩුවක් දැම්මේ? –  ආබාධිත සෙබලා අහපු දෙයින් මහින්දට මල පැනලා…
Spread the love

තිස් වසරක කුරිරු යුද්ධය නිමාකරමින් රටට සාමය ලබා දුන් රණවිරුන්ට ශ්‍රී ලාංකීය සමාජයෙන් ඉහල ගෞරවයක් හිමි වනවා. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කල නඩුවක් නිසාවෙන් සිරගත කර සිටින රණවිරුවෙකු වෙනුවෙන් හමුදා ක්‍රියාන්විතයේදී ආබාධයට ලක්වූ රණවිරුවෙකු  රුවන්වැලි සෑයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා පා ගමනින් ගොස් ජනතාව දැනුවත් කරන රණවිරුවෙකු ගැන  මේ වෙද්දී රටම කතාවෙනවා..

මෙම අබාධිත රණවිරුවා අනුරාධපුර රුවන්වැලි සෑය අසල සිට  කතරගම කිරි වෙහෙර දක්වා ගමන් කරන අතරතුරේ  කුපාම මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.

ඇයි සර් සුනිල්ට නඩු දැම්මේ? සර්ගේ කාලේ දාපු නඩු හින්දා අද අපේ උන් හිරේ.. අයි සර් එහෙම කලේ යනුවෙන් කුපාම මහින්දගේ අත බදාගෙන මෙම අබාධිත සෙබලා ඇසීමත් සමග මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වූ මහින්ද කේන්තිය මැඩගෙන සෙබලාගේ ඔලුව පිරිමැද සෙමෙන් එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත..

සෙබලා එම ස්ථානයෙන් නික්ම ගිය පසු කෝපයෙන් එලියට පැමිණි මහින්ද එම සිදුවීම මාධ්‍යයේ නොදමන ලෙස එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද අපට වාර්තා වේ…

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.