ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
Spread the love
එළැබෙන පෙබරවාරි 10ට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ ෙඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 
එම අතුරු තහනම් නියෝගය වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත යැවීමටද බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, හා කේ.ටී. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු  මඬුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කළේය. 
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ විතානගේ ආරියරත්න, ඩී.කේ.ඕපාත, හා ඒ. දිසානායක යන තිදෙනා විසින් මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගය ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමටද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය. ‍ෙ