ඉදිරි දිනකීපය තුල තවත් ඇමැති ධුර කිහිපයක වෙනසක්

ඉදිරි දිනකීපය තුල තවත් ඇමැති ධුර කිහිපයක වෙනසක්
Spread the love
ඉදිරි දින කිහිපය තුළ තවත් ඇමැතිවරුන් කිහිපදෙනෙක් අලුතින් පත්කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එහිදී එක් කැබිනට් අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර කිහිපයක් සඳහා ඇමැතිවරු පත්  කෙරෙනු ඇති බවත්
 මෙහිදී කැබිනට් අමාත්‍ය ධුරය සුළු ජාතික පක්ෂ නියෝජිතයකු සඳහා හිමිවනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 
මිට අමතරව දැනට පුරප්පාඩු වී ඇති නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරය, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ඇතුළු තවත් ඇමැති ධුර  කිහිපයක් සඳහා අලුතින් පත් කිරීමට නියමිතය.