ඉන්දියාව සහ ඇමෙරිකාව ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරයි

ඉන්දියාව සහ ඇමෙරිකාව ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරයි
Spread the love

මෙම සංවාදය ඉන්දියාව-එක්සත් ජනපද ද්විපාර්ශ්වික සබඳතාවයේ ශක්තිය තහවුරු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි

ඉන්දියාව සහ එක්සත් ජනපදය වාර්ෂික ද්විපාර්ශ්වික කොන්සියුලර් සංවාදයක් පැවැත්වූ අතර, කොන්සියුලර් ගැටළු කඩිනම් විසඳීම සඳහා සහයෝගීතාව, වීසා බලපත්‍ර සඳහා පහසුකම් සැලසීම ඇතුළු ඔවුන්ගේ අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, කොන්සියුලර් සංවාදය දෙසැම්බර් 13 වන දින එක්සත් ජනපදයේ දී පැවැත්විණි.

දෙරට අතර විදේශ රටවලට පිටුවහල් කිරීමේ කටයුතු, විදේශගත පුරවැසියන් සඳහා කොන්සියුලර් සේවා සැපයීම, ළමා භාරකාරත්වය සම්බන්ධ පවුල් ගැටලු, විවාහ, දරුකමට හදා ගැනීම සහ දෙරට අතර සංචාර සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද දෙරටේ අවධානය යොමු වී ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට “සංවාදය මගින් අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ ශක්තිය තහවුරු වූ අතර ක‌ොවිඩ්-19 වසංගතය විසින් එල්ල කරන ලද අභියෝග මධ්‍යයේ වුවද ආරක්ෂිත සහ වගකීම් සහිත සංචාර සහතික කිරීම සඳහා දෙරට විසින් ගන්නා ලද උත්සාහයන් ඉස්මතු කරන ලදී,

කොන්සියුලර් සංවාදයේදී, ඉන්දීය නියෝජිත පිරිසට නායකත්වය දුන්නේ සම ලේකම් (CPV) දේවේෂ් උත්තම් විසින් වන අතර, එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම නියෝජනය කළේ කොන්සියුලර් කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් රෙනා බිටර් විසිනි.

indianewsnetworrk