‘ඉන්දු – ඇමෙරිකා පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව‘ පුළුල් කිරීමට කේරී ඉන්දියාවට

‘ඉන්දු – ඇමෙරිකා පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව‘ පුළුල් කිරීමට කේරී ඉන්දියාවට
Spread the love

පුනර්ජනනීය බලශක්තිය සඳහා එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට කැපවී සිටින බව ඉන්දියාව පැවසීය

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පුනර්ජනනීය බලශක්ති (clean energy) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපද දේශගුණ විපර්යාස සඳහා වූ විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී ලබන මාසයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

ලබන නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සාකච්ඡා (UN Climate Change negotiations – COP 26)  ආරම්භයට පෙර සිදුවන කෙරීගේ මෙම සංචාරය අතිෂය වැදගත් වන්නේ ඇමරිකානු ජනාධිපති ජෝ බිඩෙන් විසින් දේශගුණික විපර්යාස සදහා වූ තම විශේෂ නියෝජිතයා ලෙස ජෝන් කෙරී පත් කිරීමෙන් පසු සිදු කෙරෙන දෙවන සංචාරය නිසාය.

ඊයේ (අඟහරුවාදා) මධ්‍යම පරිසර, වන හා දේශගුණික විපර්යාස පිළිබඳ ඇමති බුපේන්දර් යාදව් මහතා සහ ජෝන් කෙරී අතර දුරකථන සංවාදයක් සිදු වූ අතර ඉන් පසු ඉන්දීය රජය සැප්තැම්බර් මාසයේදී කෙරීගේ සංචාරය ගැන නි වශයෙන් නිවේදනය කළේය.

මෙම සාකච්ඡාවේදී, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ සාධනීය මැදිහත් වීම ඉහළ නැංවීමට එකඟ වූහ.

නිල ප්‍රකාශයකට අනුව යාදෙව් කියා සිටියේ පිරිසිදු බලශක්ති සඳහා එක්සත් ජනපදය සමග කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බවයි.

2030 ඉන්දියාව සහ දේශගුණික හා පිරිසිදු බලශක්ති න්‍යාය පත්‍රය යටතේ ඇති දේශගුණික ක්‍රියාකාරී හා මූල්‍ය බලමුලු ගැන්වීමේ කතිකාව Climate Action and Finance Mobilization Dialogue (CAFMD)  සහ වෙනත් අදාළ කරුණු පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ.

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම හවුල්කාරිත්වය යටතේ සාධනීය මැදිහත් වීම් වැඩි කරන බව දෙපාර්ශවයම එකඟ වූහ.

නිල නිවේදනයකට අනුව, පරිසර ඇමතිවරයා දේශගුණික ක්‍රියාදාමයන් සඳහා එකට කටයුතු කිරීමට මෙම වේදිකා මඟින් වැඩි අවස්ථාවන් ලබා දෙන බව පැවසූ අතර පුනර්ජනනීය බලශක්ති සඳහා ඇමරිකාව සමඟ කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බව අවධාරණය කළේය.

වර්තමාන දශකය තුළ පැරීස් ගිවිසුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාවන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දියා-එක්සත් ජනපද දේශගුණික හා පුනර්ජනනීය බලශක්ති න්‍යාය පත්‍රයේ හවුල්කාරිත්වයේ කොටසක් ලෙස දේශගුණික ක්‍රියාකාරී හා මූල්‍ය බලමුලු ගැන්වීමේ සංවාදය ආරම්භ කිරීම ගැන කෙරී සඳහන් කළේය.

indianewsnetwork.com වෙබ් අඩවිය ඇසුරිණි