ඉන්ධන හිඟයක් නැහැ, කටකතාවලට රැවටෙන්න එපා : CPC අවධාරණය කරයි.

ඉන්ධන හිඟයක් නැහැ, කටකතාවලට රැවටෙන්න එපා : CPC අවධාරණය කරයි.
Spread the love

ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවට අසත්‍ය වාර්තා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවට දැනුම් දෙයි.

මේ වනවිට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර, ඉන්ධන බෙදාහැරීම කිසිදු බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වේ.

ජනතාව කලබලයට පත්කරමින් රටේ ඉන්ධන හිඟයක් ඇතිකිරීම සඳහා ඇතැමුන් දරන මෙම උත්සාහයන්ට නොරැවටෙන මෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.