ඉවත් වු 16ත් ශ්‍රිලනිපය සමගින් මෙවර මැයි දිනයට.. මහින්දගේ සහයත් ලැබෙන ලකුණු…

ඉවත් වු 16ත් ශ්‍රිලනිපය සමගින් මෙවර මැයි දිනයට.. මහින්දගේ සහයත් ලැබෙන ලකුණු…
Spread the love
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූවද මෙවර මැයි දින රැළිය සිය පක්ෂය සමග සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. ඒ, ඊයේ (24) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විශේෂ කමිටුවක් ද මෙහිදී පත් කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක මේ බව කියා සිටියා.