ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය

ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය
Spread the love

දැනට අවුරුදු තුනකට කලින් ඉසුර දේවප්‍රිය කියන්නෙ කොළඹ පළාත් සභාවෙ කොනක හිටපු මෛත්‍රී කෙනෙක් කියල ටික දෙනෙක් දැනන් හිටියට වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ… ඒත් 2015 ආණ්ඩු වෙනසින් පස්සෙ චන්ද්‍රිකාගෙ වන්දිභට්ටයෙක් වුණ ඉසුරට මහ ඇමති පුටුව හම්බෙද්දි අනිත් මෛත්‍රීලට,රටේ මිනිස්සුන්ට වඩා පුදුම වෙන්න ඇත්තෙ ඉසුර කියල කිව්වොත් ඒක වැරදි නෑ කියල අපි හැමෝම දන්නවා.. මොකද ඉසුර වගේම  කිසිම කෙනෙක් ඉසුරට ඒ වගේ භාරධූර තානාන්තරයක් හම්බෙයි කියල හීනෙකින් වත් හිතුවෙ නෑ.ගාමිනී තිලකසිරිල වගේ පරිනත දේශපාලනඥයින් බයි පාස් කරල ඉසුරට මේ තානාන්තරය හම්බුනේ ඉසුරව බළල් අතක් කරගන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

මේ අවුරුදු තුනටම ඉසුර ගැන පළවුනේ අර පාරවල් වල හයිකරපු උත්තල දර්පණ විවෘත කරන්න ගිය ඒව විතරක් වුනාට මෑතකදී ඉසුර ගැන රටම කතාකරන්න පටං ගත්තා.ඒ පළාත් සභාවෙ පුටුවකට ලක්ෂ 6 කට වඩා වැඩියෙන් දාපු එකටයි පළාත් සභාව සුවඳ කරන්න පට්ට ගානක් වියදම් කරල එයාර්ෆෙරෙෂ්නර් හයි කරන්න හදපු නිසයි.කොහොම හරි මාධ්‍ය විසින් මේ කතාව එළිදරවු කරාට පස්සෙ ඉසුර හිමීට ඒ ප්‍රශ්න වලින් ලිස්සලා ගිහින් සමහර මාධ්‍යෙව්දීන්ව මුදලට අරං දැං මේ වෙනකොට ෂේප් න්‍යායෙන් නොකර සද්ද ඉන්නවා කියල ආරංචියි.

ඉසුරගෙ ලක්ෂ 6 පුටුව ගැන කතාකරන්න නෙමෙයි මේ හදන්නෙ ඊට වඩා ලොකු කතාවක් මේ දවස් වල තිරය පිටුපස කැරකෙනව කියල ලැබුණු ආරංචියක් කියන්නයි.පළාත් සභාවෙ ඉන්න අනිත් ජේෂ්ඨ ඇමති වරුන් හා මන්ත්‍රී වරුන් පවසන ආකාරයට ඉසුර මේ දිනවල ශ්‍රීලනපයේ හා පොහොට්ටුවේ දෙපැත්තටම කකුල් දෙක තියිගෙනළු ඉන්නෙ.ඉසුර ශ්‍රීලනිපය වෙනුවෙන් පණ වුනත් දෙනවා යැයි ජනපතිට පවසමින් හොර රහසේ පොහොට්ටුව සමඟ වැඩ කරමින් යන වා යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රන්ජිත් සෝමවංශ මහතා සිය සමීපතමයන් සමඟ පවසා ඇත.ඔහු විසින් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ” ජනාධිපති තුමන් කටුස්සගෙ කරේ රත්තරං බඳිද්දි කටුස්සට පාට මාරු කරන්න උපන් හැකියාවක් තියෙනව කියල අමතක කරලා” යනුවෙනි.

ඒ කෙසේ වෙතත් ගතවූ අවුරුදු 3න ඇතුලත ඉසුරගෙන් කොළඹට වූ සෙතක් නොමැති බව ඕන අඳබාලයෙකුට උවත් තේරෙන අතර මෙම අවුරුදු තුන ඇතුලත ඉසුරට නම් ඉසුරින් පිරි ජීවිතයක් ලැබී ඇති බව පෙනී යයි.